අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විධායකය අහෝසි කරනවා නම් රනිල්ට කොන්දේසි විරහිතව සහය දෙන්න රාජිත සූදානම්

විධායකය අහෝසි කරනවා නම් රනිල්ට කොන්දේසි විරහිතව සහය දෙන්න රාජිත සූදානම්

ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ඕනෑම කෙනෙකුට තමා කොන්දේසි විරහිතව සිය සහාය ලබා දෙන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.…

ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ඕනෑම කෙනෙකුට තමා කොන්දේසි විරහිතව සිය සහාය ලබා දෙන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. 

රට විනාශ වී ජනතාව අනාථ වූයේ විධායක ජනාධිපති ක්‍රමය හේතුවෙන් බව පෙන්වා දෙන දොස්තර රාජිත සේනාරත්න මහතා රට රට ගොඩනගා ජනතාවට සාධාරණය ඉටු කිරීමට නම් විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කළ යුතු යැයි ද අවධාරණය කර සිටියි. 

එම නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නම් තමා කොන්දේසි විරහිතව සිය දෑතම ඔසවා ඔහුට සිය පූර්ණ සහය ලබා දෙන බව ද කියා සිටියි. 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර රනිල් වික්‍රමසිංහ මහතා තව අවුරුද්දක් හෝ දෙකක් ධූරයේ රැදී සිටියත් ප්‍රශ්නයක් නැතැයි ද දොස්තර රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විධායකය අහෝසි කරනවා නම් රනිල්ට කොන්දේසි විරහිතව සහය දෙන්න රාජිත සූදානම් | Lanka Newsweek