විධායකය අහෝසි කරනවාට හිටපු ජනපතිගේ ද සහය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා යහපත් බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ජනමාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් මහින්ද…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා යහපත් බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ජනමාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සිය සහය ලබා දෙන බවය.
රටේ ජනතාවගෙන් බහුතරය කියා සිටින්නේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව යැයි පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා තමා ද එම ධූරය භුක්ති වින්ද බවත් එම නිසා ඒ ගැන තාමාට අවුලක් නොමැති බව ද පැවසීය.
ජනාධිපතිවරණය ආවත් මහා මැතිවරණය ආවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය නියත බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.