අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් යහපත් ප්‍රතිච්ර

විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් යහපත් ප්‍රතිච්ර

විදේශ ගත ශ්‍රමිකයෝ අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 577.5 ක් රටට එවලා - අඛණ්ඩව ඩොලර් මිලියන පන්සීයේ පංගුකාරයෝ වෙලා විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 577.5 ක් නීත්‍යානුකූලව…

විදේශ ගත ශ්‍රමිකයෝ අගෝස්තු  මාසයේදී ඩොලර් මිලියන 577.5 ක් රටට එවලා - අඛණ්ඩව ඩොලර් මිලියන පන්සීයේ පංගුකාරයෝ වෙලා

විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය අගෝස්තු  මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 577.5 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා තිබේ.පසුගිය වසරේ අගෝස්තු  මාසය සමග සන්සන්දනය කරන විට මේ වසරේ අගෝස්තු  මාසයේදී මෙරටට එවා ඇති ප්‍රේශණ ප්‍රමාණය සියයට 11 කින් ඉහළ ගොස් තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන, විදේශ රැකියා ක්ෂේත්‍රය, මනුෂ නානායක්කාර මහතාට ලබාදුන් දිනයේ සිට විදේශ ගත ශ්‍රමිකයින් එවා ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 13.016 කි.

මේ වසර තුළදී පමණක් විදේශගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 4288 ක මුදලක් මෙරටට එවා ඇත.

දැන්වීම

තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරි පිටි පෝලිම් නැති කර රටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට ලබාදෙන ලෙසට ඉල්ලීම් කළ අතර එයට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් යහපත් ප්‍රතිච්ර හිමිව තිබුණි. පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විදේශ ගත ශ්‍රමිකයින් එවනු ලබන ප්‍රේශණ ප්‍රමාණය ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවූ අතර පසුගිය මාස හතක කාලය පුරා අඛණ්ඩව ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා යාමට හැකියාව ලැබී තිබුණි.

නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට මුදල් එවන ශ්‍රමිකයින් සදහා ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, අඩු පොලීයට බහු කාර්ය ණය ලබාදීම, නිවාස ණය යෝජාන ක්‍රම ඇතුළු විවිධ දිරිගැන්වීම් ලබාදීමටද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර තිබුණි.

විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් යහපත් ප්‍රතිච්ර

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න