අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විදේශ අමාත්‍යංශය “සිරිලිය” රකියි

විදේශ අමාත්‍යංශය “සිරිලිය” රකියි

(සුමුදු පෙරේරා) යුද්ධයෙන් පසුව චීන රාජ්‍ය කාන්තා සම්මේලනය යුද්ධයෙන් පිඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවට බෙදාදීම සදහා පරිත්‍යාග කරනු ලැබූ රුපියල් ලක්ෂ අසුපහක් වටිනා පරිගණක යන්ත්‍ර සහ මහන මැෂින් තොගය…

(සුමුදු පෙරේරා)

 යුද්ධයෙන් පසුව චීන රාජ්‍ය කාන්තා සම්මේලනය යුද්ධයෙන් පිඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවට බෙදාදීම සදහා පරිත්‍යාග කරනු ලැබූ රුපියල් ලක්ෂ අසුපහක් වටිනා පරිගණක යන්ත්‍ර සහ මහන මැෂින් තොගය  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මෙහවීම යටතේ ක්‍රියාත්මක වු “සිරිලිය” සංවිධානය නමින් බෙදාහැරීම පිළිබදව කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇතත් මෙතක් අදාළ පරීක්ෂණය සිදු කර නොමැති බව වාර්තා වේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව විදේශකටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු ලේකම්වරයා වෙත අදාළ පරීක්ෂණය සිදු කරන ලෙස දැනුම් දී ඇත්තේ 2013-01-15 දින LPEX/CHIN අංකය දරන ලිපියෙන් වන අතර ඒ සදහා සිහි කැදවීම් තුනක් ද යවා තිබේ.

මිට අමතරව චීනයේ ප්‍රධාන පෙළේ වෙළඳ  ව්‍යාපාරිකයෙකු වු ආර් .සී. එල් . වැන් මහතා විසින් උතුරු නැගෙනහිර සිවිල් යුද්ධයෙන් පිඩාවට පත් ජනතාවට පදිංචිවීම සදහා පරිත්‍යාග කරනු ලැබූ  තාවකාලික කුඩාරම් ද, එම පළාත්වල කුඩා දරුවන් සදහා පරිත්‍යාග කළ කුඩ 20,000ක් ද චීනයේ බීජින් නුවර පරිත්‍යාගශිලින්  විසින්  මහරගම පිහිටි පිළිකා රෝහල් සංකීර්ණයට පරිත්‍යාග කරනු ලැබූ  රුපියල් විසි දෙලක්‍ෂ අනු හත්දහස් පන්සීයක (2,297,500.00) මුදලද බෙදා දී ඇත්තේ “සිරිලිය” සංවිධානයේ පරිත්‍යාග ලෙසිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විදේශ අමාත්‍යංශය “සිරිලිය” රකියි | Lanka Newsweek