විදුලි සැර වැදීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවේ

(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ඌරගස්මන්හන්දිය සති පොලට නුදුරින් වූ කුරුදු ඉඩමක තිබී විදුලි සැර වැදීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මල සිරුරු ඌරගස්මන්හන්දිය පොලීසිය අද (12) පෙරවරුවේ සොයා ගෙන තිබේ. මෙසේ…
(ජයකාන්ත ලියනගේ - බළපිටිය)
ඌරගස්මන්හන්දිය සති පොලට නුදුරින් වූ කුරුදු ඉඩමක තිබී විදුලි සැර වැදීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මල සිරුරු ඌරගස්මන්හන්දිය පොලීසිය අද (12) පෙරවරුවේ සොයා ගෙන තිබේ.
මෙසේ මියගොස් නො. 41/B, අටේ කණුව, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි ඉලන්දාරිදේව චතුරංග විජේසේකර (39) නැමැති අවිවාහක අයෙකු සහ කැරෑකැටියවත්ත, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි ඊශ්වාචාරිගේ නාලක පුෂ්ප කුමාර (44) යන එක් දරු පියෙක් බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. චතුරංග විජේසේකර (39) නැමැති අයගේ මල සිරුර ඔහුගේ මව වන හේවාහකුරු නන්දනී (61) විසින් සහ නාලක පුෂ්ප කුමාර (44) නැමැති අයගේ මල සිරුර ඔහුගේ බිරිද වන කලනි සෙල්වරත්නම් රජිනිකාන් (42) විසින් හදුනාගෙන තිබේ.
මියගිය දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණය ඌරගස්මන්හන්දිය හදිසි මරණ පරීක්ෂක පී ආර් පෙරේරා මහතා විසින් අද (12) පෙරවරුවේ පවත්වා තිබේ. හදිසි මරණ පරීක්ෂකවරයා වැඩි දුරටත් මෙම මරණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පැවැත්විය යුතු බව නිගමනය කර තිබේ. ඒ අනුව ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් වජිරා පොන්නම්පෙරුම මහත්මිය විසින් ස්ථානීය පරීක්ෂාවක්ද සමග මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත දේහයන් ඇල්පිටිය මූලික රෝහල වෙත ගෙන යෑමට නියෝග කර තිබේ. මෘතදේහ සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරික්ෂයන් හෙට (13) ඇල්පිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.
දැන්වීම
ඌරගස්මන්හන්දිය පොල අසල පිහිටි විහාරස්ථානයට සමාන්තරව දිවෙන මාර්ගයට යාබද ඉන්ද්‍රාණී සමරක්කොඩි නැමැති අයට අයත් කුරුදු ඉඩමේ තිබී මෙම මෘතදේහයන් සොයාගෙන ඇත. නමුත් පසුව කරන ලද පොලිස් පරික්ෂණ වලදී මෙම කුරුදු ඉඩමට යාබද සුනිල් යසසිරි නැමැති අයෙකුට අයත් කුඹුරු ඉඩමකට යොදන ලද අනවසර විදුලි රැහැනක පැටලී මෙම මරණයන් සිදුව තිබෙන බව තහවුරු වී තිබේ. ඒයින් පසු මෘතදේහයන් කිසිවකු විසින් කුරුදු ඉඩමට ඇදදමා තිබෙන බවත් සතුන් දඩයම් කිරීමේ අරමුණින් විදුලි රැහුන් ඇද තිබෙන බවත් පොලිස් පරික්ෂණ වලදී තහවුරු වූයේ යැයි ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. මීට අදාල සැකකරුවන් හදුනා ගෙන තිබෙන බවද ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති රංග සහ ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දිමාල් ද සිල්වා යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂණ පැවැත්වේ. ඒ සදහා ඌැගස්මන්හන්දිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සම්පත්, ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකයේ උප පොලිස් පරීක්ෂක තාරක දේශප්‍රිය, පොලිස් සැරයන් පතිරණ (27108), පොලිස් කොස්තාපල්වරුන් වන විතාන (483), ජයසිංහ (84435) යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
