අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විජේදාස රාජපක්ෂගේ කරණම පොහොට්ටුවටද අතටද..?

විජේදාස රාජපක්ෂගේ කරණම පොහොට්ටුවටද අතටද..?

"මහින්ද-මෛත්‍රී" එක්ක රහස් කතා..! (සුජිත් මංගල ද සිල්වා) හිටපු අධිකරණ අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන…

විජේදාස රාජපක්ෂගේ කරණම පොහොට්ටුවටද අතටද..?

"මහින්ද-මෛත්‍රී" එක්ක රහස් කතා..!

(සුජිත් මංගල ද සිල්වා)

හිටපු අධිකරණ අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ රහස් හමුවක් ගෙවුණු සතියේ දිනක අලුයම් යාමයේ දී සිදුව තිබේ.

මේ හමුව සිදුව ඇත්තේ කොළඹ විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී වන අතර එහිදී සාකච්ඡා කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට  දෝෂාභියෝගයක් ඉදරිපත් කළොත් ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙනි.

දැන්වීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පෙර විජේදාස රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාව අවස්ථා කිහිපයකදීම ඔහුගේ නිවසේදී හමුවී මූලික වටයේ සාකච්ඡා පවත්වා යම් එකඟතාවයකට පැමිණ තිබෙන බවද ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හමුවී උද්ගතවී තිබෙන දේශපාලන තත්ත්වයසම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු  සාකච්ඡා කර ඇති බව ද  දැන ගන්නට තිබේ.

මේ හමුව සඳහා ඔහු එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් තිදෙනකුද කැඳවා ගෙන ගොස් ඇති අතර තීරණාත්මක අවස්ථාවක දී මේ මන්ත්‍රීවරුන් ඇතුළු තවත් පිරිසක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය දැක්වීමට හැකි බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි අගමැතිවරයාට සමීප එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු “lankanewsweek” සමග පැවසීය.මේ සම්බන්ධ සියලු තොරතුරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට වාර්තා වී තිබෙන බව අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

මේ සිද්ධිය ගැන හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන්  “lankanewsweek” කළ විමසීමක දී ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තමා සූදානම් නොමතිබවය.එමෙන්ම පළාත් පාලන මැතිවරණය අවසන් වන තුරු තමා බලා සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න