විචාරකයින් නොදුටු -අපේ කිවි සමිදාණෝ

දිසාවේ වතුපිටිවල කෝන්ගස්දෙණීයේ දී ක්‍රි. ව. 1941 පෙබරවාරි 22 දින ජන්මලාභය ලද අතිගෞරවණීය කෝන්ගස්දෙණීයේ ආනන්ද මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සසුන් බඹසරෙහි වූ දා පටන් මේ දක්වා ශ්‍රී සම්බුද්ධ ශාසනයෙහි…
යදා ච බුද්ධා ලෝකස්මිං
උප්පජ්ජන්ති පභංකරො
තෙ මං ධම්මං පකාසෙන්ති
දුක්ඛුප සමගාමිනං
තෙ නං සුත්වාන සප්පඤ්ඤා
සචිත්තං පච්චලත්ථු තෙ
අප අමා මෑණී බුදු පියාණන් වහන්සේ ලොව පහළ ව, සියලූ සත්ත්වයාගේ සසර දුක් දුරු කරවා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරවාලමින් ප්‍රඥාවන්තයින්ට නිවන් සම්පත් ලබා දීම සිදු කළාක් මෙන් ම, ඒ බුදු ම`ග ම යන අප ආනන්ද හිමියන් ද ආදර්ශවත් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ලෙස, සසරෙහි දුක් අනුභව කරන ලෝ සතුන් විෂයයෙහි අනුකම්පා උපදවා එකී ජනී ජනයා සසර කතරින් එතෙර කරනු පිණිස ම ස්වර්ග මෝක්ෂ සම්පත්තිය උදෙසා ධර්මාණුකූල ප්රතිපදාවන්හි නිරත ව සිටිති.
මෙසිරිලක මහරු ස`ග ගණ සම`ග විරාජමාන ව ස`ද රිවි ලෙසින් සසුන් බඹසරෙහි ස්වකීය කිරණපට විහිදු කෝ. ආනන්ද හිමියෝ මේ වන විට සකල ආශ්චර්යයෙන් පිරි මාතෘභූමිය අතැර ප්‍රංශයේ පැරිස් බෞද්ධ විහාරයෙහි වැඩ වාසය කරති.
සවනසිරි පැරකුම්බාවන් ස්වකීය මෑණියන් සිහි කරනු පිණිස මැ තැනූ පැපිලියාණේ සුනේත්රාදේවී පිරිවෙනින් මූලික දහම් පොත කියැවූ කෝ. ආනන්ද හිමියෝ එකල විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලැබූහ. දිගු කලක් ගුරු සේවයේ නියැලී සිටි උන්වහන්සේ ශාස්ත්‍රපති එම්. ඒ උපාධිය ලබා ගන්තේ ද ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනි. ඒ 1978 දී එම විශ්වවිද්‍යාලයට උන්වහන්සේ ඉදිරිපත් කරන ලද ‘‘හේ සිද්ධාර්ථ නම් වෙයි’’ යන නිර්මාණාත්මක නවකතාවයි. ඒ නිර්මාණ කෘතියට ශාස්ත්‍රපති එම්. ඒ. උපාධිය පිරිනැමුණ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ලෙස වාර්තාගත ව ඇත. 1978 ප්‍රකාශිත මේ නවකතාවට 1980 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි වීමෙන් උන්වහන්සේගේ ලේඛන කුසලතාව සුදීප්ත ව බැබලූණ බව ම පෙනෙයි.
දැන්වීම
වර්ෂ 1968 දී මා නිසා ඈ වීතරාගී නම් පද්‍ය සංග්‍රහය රචනා කිරීමෙන් කවිකෙතට සපැමිණි කෝ. ආනන්ද හිමියෝ පිළිවෙලින් ඈ හමුවුණි මෙසේ මැවුණී (1969) අම්මයි මමයි (1973) අලූත් ඉස්කෝලය (1974) නොනැවතී ඉදිරියට (1975) උරුමය සොයා (1976)නව කැලණි පාලම (1982) මහපොළොව අලූත් කිරීම (1994) යන කාව්‍ය ග්රන්ථයෝ පළ කළහ. ඉනික්බිති ව දේශපාලන වාර්තා කවි සහ මගේ දේශය අවදි කරමු හෙවත් වාර්තා කවි යන නිර්්මාණ සංග්‍රහයෝ ද පළ කළහ. ළමයින් උදෙසා අරුත්සුන් කවි ලියනු වෙනුවට ළමා මනස තත්ත්වාකාරයෙන් හ`දුනාගෙන කවි ලියූ කුමාරතුංග මුනිදාස, ආනන්ද රාජකරුණා වැනි සුප්‍රකට කවින් අනුදත් මගමැ ගිය ආනන්ද හිමියෝ 1982 වර්ෂයේ දී ළමයින් උදෙසා පුංචි කුරුල්ලෝ නමින් පද්‍ය සංග්‍රහයක් ද රචනා කළහ.
70 දශකයෙහි පුරන් ව ගිය කවි කෙත යළි අස්වද්දන්නට පුරෝගාමී වූ කෝ. ආනන්ද හිමියෝ ස`දැස්, නිස`දැස් කාව්‍යාකෘති ද්වයෙන් ම පද්‍ය රචනා නිර්මාණය කළහ. කවියෙහි ශබ්දාර්ථ සුසංයෝග විෂයයෙහි දැඩි අවදානයක් යොමු කල ද කෝ. ආනන්ද හිමියන්ගේ කාව්‍ය රචනා එකල විචාරක අවධානයට පාත්‍ර වූයේ නැත. මුහුණ බලා කාව්‍ය ග්රන්ථ විචාරයට ලක් කරන විචාරක විදර්ශකයින් අතින් කෝ. ආනන්ද හිමියන්ගේ කාව්‍ය ග්රන්ථ උදෙසා ප්රශස්තියක් හෝ නොලියුනේ උන්වහන්සේ 1989 වර්ෂයේ සිට මේ දක්වා ම ප්‍රංශයේ පැරිස් බෞද්ධ විහාරස්ථානයෙහි වැඩ වාසය කරන නිසාවත් ද? නැතිනම් කසාවතට සංවේදී ව සසුන් බඹසරෙහි හැසිර ප්රේමාවන්ධ අත්දැකීම් කවියට මුසු කළ නිසා ද? නැතහොත් උන්වහන්සේගේ කවිකම විනිවිද දකින්නට විචාරක ඇස් අන්ධ වූ නිසා වත් ද? යන සංශයක් අපට දැන් ඇතිවනු නොවේ ද? බලනු මැනව, කෝ. ආනන්ද හිමියන්ගේ මේ පරිකල්පනයේ, ප්රතිභාවේ, ව්යුත්පත්තියේ ගැඹුරට හැරෙන කවි සිත්තම් හි අරුතක මහිම !
නිදා නොනිදා මෙන් සිටි විට
ගෙපැලේ කැඩුණු පිලපිට
සැවුලන් හැ`ඩලීය
පළමුවෙනි යාමයට
අණ කළා සේ මේ ඔබට කාලයයි
ඒ මග නික්මෙන්නට
නැගී සිටියෙමි වෙර වඩා
මහත් සිසිලකි ගත වැළ`ද
වැටෙන පිනිකැට නිසා මිදුලට
(බක් මහේ දිනය)
කෝ. ආනන්ද හිමි 70, 80 දශකයේ දී සිංහල කවිය පෝෂණය කළ පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ, රත්නශ්‍රී විජේසිංහ, සෙනරත් ගොන්සල්කෝරාළ වැනි කවීන් තරම් ප්‍රශංසාවට, ඇගයීමට ලක් නොවූ කවියෙකි. විචාරකයින්ගේ නිසි ඇගයීමට ලක් නොවූ කවියෙකි. ලංකාවේ විචාරක කලාවේ අශාස්ත්‍රීය බවට මේ හො`ද ම නිදසුනකි. උන්වහන්සේගේ නවීන කවියේ ගමන් මග දිස් වුණේ 1968 දී රචිත ‘මා නිසා ඈ වීතරාගී’ යන කාව්‍ය සංග්රහයෙනි. උන්වහන්සේගේ කවිිත්වය ගැඹුරෙහි විනිවිද දකින්නට තරම් විචාරක ඇස තිවුණු වූයේ නැත. ඉක්බිතිව උන්වහන්සේ 1994 දී රචනා කළ ‘මහ පොළොව අලූත් කිරීම’ යන කාව්‍ය සංග්‍රහයෙන් උන්වහන්සේගේ කවිත්වයෙහි ඒ අපූර්ව කවි ශක්තිය තව තවත් මුහුකුරා ගිය හැටි එහි එන ‘ගෙදර බුදු වූ අම්මා’ නම් නිර්මාණය විමර්ශනයෙන් වුව ද පැහැදිලි වනු ඇති.
විළිරුජා පැහැරලා
සියොළ`ග ම වැහැරිලා
විජායන දුක්ඛ වේදනා
මහා සාගරය පිහිනනා
ස්නේහයෙන්
ලොවට මා බිහි කරනා
අසමසම වූ ඉවසනා හ`ඩ ඇහෙනවා අම්මේ
කොරහට උණු වතුර ගෙන
පරහට මා වඩාගෙන
හිරමන කොටේ ඉ`ද ගෙන
එකායි ..... දෙකායි .....
පොල් කටුවෙන්
මා නාවනා හ`ඩ ඇහෙනවා අම්මේ
‘‘අනේ ජේන් නංගියේ බලන්ඩකෝ
පුතාට සහලෝල උණ ගැනුණනේ’’
කරපින්නා සොහොන් පිටිය හරහා
වතුපිටිවල ඉස්පිරිතාලයට
ඉර මුදුන් වෙන ජාමයේ
හතිමුනින්
මා එක්ක යන හ`ඩ ඇහෙනවා අම්මේ
කසාවතට සුසංවේදී මේ බෞද්ධ භික්ෂුව කුඩා සංදියේ දී මවගෙන් ලද ආදරය, දයාව, කරුණාව, සෙනේහය හා රැකවරණය කාව්‍යයට න`ගා ඇත්තේ මාතෘ සෙනෙහස පිළිබ`ද අපගේ අධ්‍යත්මය කම්පනය, ප්රකම්පනයට ලක් කෙරෙන තිවුණු වචන වැලක් ම`ගිනි. කවියේ ආත්මය ම පෝෂණය කරන උන්වහන්සේගේ කවිබස අපේ ආත්මය ම මාතෘ සෙනෙහසින් පුරවාලයි.
කුඩා සන්දියේ දී මවගේ ආදරය රැු කවරණය නො අඩු ව ලැබූ මේ සුපින්වත් පුතණුවෝ සසුන්ගත වූ ස`ද තම මවගෙන්, පියාගෙන් ලැබූ ආදරය, රැුකවරණය නායක හිමිගෙන් ලැබූ හැටි ‘මගේ දේශය අවදි කරමු’ කාව්‍ය සංග්රහයෙහි එන ‘ගුරු පියාණෙනි’ නිර්මාණයෙහි අන්තර්ගත ය.
දරුවෙක් නො වෙමි ඉපදුණු ඔබ හට දාව නෑයෙක් නො වෙමි ලේ නෑකමකින් ආව එනමුදු දරු පෙමින් අද තෙක් සැල කුව සමි`දුන් හැර පියෙක් නැත මෙත් සිත පෑවමෙහි කථකයා සාමණේර හිමිනමකි. උන්වහන්සේ ගුණනුවණින් හා ආගම දහමින් සරුසාර කරන්නට ගුරු හිමියන් දැරූ අපමණ වෙහෙස, ගෞරව සම්ප්‍රයුක්ත ව ස්මරණය කරන මේ නිර්මාණය, පිරිවෙන් අධ්‍යාපනයෙන් ලද ශික්ෂණයත්, අන්තර් පුද්ගල සබදතා විෂයයෙහි උත්පත්ති ලබන භක්ත්යාදරයේ දෘඪත්වයත් ප්‍රතියමාන කරන්නකි.
මේ පද්‍ය නිර්මාණයෙහි එන ගුරු පියාණෙනි යන යෙදුම තුළ ද්විත්ව චරිතයක් අපට හමුවෙයි. ඒ ගුරු දෙවියෙකි. ගුරු පියෙකි. අතිගෞරවණීය ගුරු පියෙකි. ඒ සො`දුරු උත්තම ගුරු පියා මෙළොවින් සමුගෙන හැමගේ ගරු බහුමන් ලබන බව පැදි පෙළෙහි අවසන් කවියෙහි එන මේ පැදි පෙළින් පෙනෙයි.
‘‘අද ඒ ගුරු පියාණන්ගේ රන් දෙනෙත පුදසුන ලබා නිසල ව බුහුමනින් යුත’’පන්සලේ සාලාවක සැමගේ ගෞරවය පිණිසතැන්පත කළ නායක සමිදුන්ගේ ශ්‍රී දේහය දෙස බලාගෙන මේ කවියා අතීතානුස්මරණයක ගිලෙයි. එවිට ඔහුට අම්මට, තාත්තාට සිටයේ ගුරු සමි`දු ම පමණ ය. ගිහිගෙය හැරදා සසුනට සපැමිණි දා සිට සාමණේර හිමියන්ට පියා වූයේ නායක හාමුදුරුවෝම ය. මේ උපාධ්‍යායන් වහන්සේ සාමණේර භික්ෂුවකට පිතෘත්වය ලබනායුරු විනය පිටකයේ මහාවග්ගපාලියේ ස`දහන් වනුයේ, ‘‘යම් භික්ෂූන් වහන්සේ නමක් කුල දරුවෙකු පැවිදි කරන්නේ නම්, එතැන් සිට තමන් වහන්සේ ඔහුට සුතපෙමින් යුත් පියෙකු ලෙසින් සැලකිය යුතු බව ය.’’ මේ සාමණේර භික්ෂුව අව්‍යාජව ම උපාධ්‍යායන් වහන්සේ සමීපාශී්රත ව පුත්රපේ්රමලාභී ව වැඩ විසූ බව සිහිපත් කරන්නේ දැඩි සංවේගයකිනි.
මා ලෙඩ ගත් දාක නෙත ක`දුළැලින් තෙමයි ඒ කරුණාව මට දිව බෙහෙතකට සමයි මගෙ දියුණට ම සිතුවිලි පිරි මුදිත ළැමයි අම්මට තාත්තට මට ගරු සමි`ද තමයි වඩාත් සුදුර්ලභ වූ ද කතිකාවට ලක් නොවන එහෙත් ක්‍රමයෙන් සංඝ සමාජයෙන් වියැකී යන සංකල්පයක් කාව්‍යයට ප්රස්තුත කර ගැනීම බුදු සසුනට මතු නොව, සමස්ත බෞද්ධ සමාජයට ම ගැඹුරු වූ පණිවුඩයක් ලබා දෙන ගුරු පියාණෙනි නිර්මාණය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ම වන ගුරු ගෝල සබ`දතාව ගැඹුරු ඇගයිමකට ලක් කෙරෙන කාව්‍ය නිර්මාණයකි. යා යුතු ම`ග ය, නොම යා යුතු ම`ගය පෑ මතු දියුණ සලකා පිය පුතු අගය මා මිනිසෙකු කළෙන් හිමි ගැන සිතු වගය බෙලිකටු තිබුණ මුත් මුහුදෙහි මුතු හි`ගයසාමණේර භික්ෂුවට මතු නොව, සිසු ස`ග ගණ සැමට යා යුතු ම`ග, නොම යා යුතු ම`ග කියා දෙන්නේ ගුරුවරුන්ම යැ. ඒ සො`දුරු ගුරුවරුන් සිසුන්ගේ මතු දියුණුව ම පතති. සිල්ප හදාරණ සිසුන් සැබෑම මිනිසුන් කරන්නේ ඒ සො`දුරු ගුරු දෙවිවරුම ය. එහෙත් එකල කෙසේ වෙතත් අද අප ජීවත් වන මේ කුණු ධනේශ්වරයේ නම් ඒ සො`දුරු ගුණැති ගුරු දෙවිවරුන් විරල ම බව නම් කවි හිමියන් කියනායුරු අපූර්වම ය.
‘බෙලිකටු තිබුණ මුත් මුහුදෙහි මුතු හි`ගය’ මහජනතාව නමැති අනන්ත සාගරයේ බෙලිකටු වන් ගුරුවරුන් සුලබ ය. එහෙත් මුතුවන් සො`දුරු ගුරුවරු විරල වෙති. අපවත් වී නිසල ව සිටින ඒ උත්තම ගුරු දෙවි වන්දනාව නිමා කරනුයේ අහිංසක ප්‍රාර්ථනාවක් ද සම`ගිනි. අද ඒ ගුරු පියාණන්ගේ රන් දෙ නෙ ත පුදුසුන ලබා නිසල ව බුහුමනින් යු ත ලද යළි බවෙක ගුරු පිය සිසු දරු උප ත වි`ද සැනසෙමු ව එක වර සුන්දර සැප ත කාව්‍ය අත්දැකීමට අවැසි විරිත, ලය, ආකෘතිය, භාෂාව මැනවින් හසුරුවන කෝ. ආනන්ද හිමියන්ගේ කාව්‍ය ප්‍රතිභාව 90 දශකයේ දී මුහුකුරා ගිය හැටි මෙවැනි කාව්‍ය නිර්මාණ අතළොස්සකින් වුව ද තහවුරු වන බැවින් මේ සටහන කුමාරතුංග මුනිදාසයන් විරිත් වැකියෙහිලා කළ පැතුමකින් අවසන් කරමු. ‘‘ඔබ මහ කිවියෙක් - වෙත්වා! අරුත් පද වැකි හැම පිරිසුදු වී නැ`ගැ - ඔබට ම`ග සලසාවසැකසුම -ශාස්ත්‍රපති මහේෂ් ක්‍රිෂාන්ත
සිංහල ආචාර්ය