අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වැඩිහිටියන්ට ළමයින් ගැන ඇති වගකීම සුළු කොට තැකිය නොහැකියි

වැඩිහිටියන්ට ළමයින් ගැන ඇති වගකීම සුළු කොට තැකිය නොහැකියි

(හේමන්ත තුසිත කුමාර) මෙවර ද ලෝක ළමා දිනය අපගේ දරුවන්ට පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට අවස්ථාව නැතත්, සියලු ම දරුවන්ට තමන්ගේ නිවහනේ සිට හෝ සතුටින් සැමරීමට ආශිර්වාද කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

(හේමන්ත තුසිත කුමාර)

මෙවර ද ලෝක ළමා දිනය අපගේ දරුවන්ට පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට අවස්ථාව නැතත්, සියලු ම දරුවන්ට තමන්ගේ නිවහනේ සිට හෝ සතුටින් සැමරීමට ආශිර්වාද කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කලේ ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් වන අතර තව දුරටත් එහි මෙසේද සඳහන් විය.

වර්තමානයේ ලෝකය මුහුණ දී ඇති වසංගතය හමුවේ සමස්ත දරු පරපුරේ සිතුම්පැතුම්වලට, ළමා ලෝකයට ඇති සීමා බොහෝ ය. පාසල් පන්ති කාමරය, ක්‍රීඩා පිටිය තවමත් අපේ දරුවන්ට දුරස්ථ ය. දැයේ දරුවන්ට අහිමි ව ගිය ඒ සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වී තිබේ. අපගේ සමස්ත සැලසුම් ක්‍රියාත්මක වන්නේ දරුවන්ගේ ලෝකය වඩාත් ඉක්මනින් ඔවුන්ට සමීප කර දීමට ය. 

දැන්වීම

තම දරුවන් විශිෂ්ටයන් ලෙස සමාජගත වන විට තෘප්තිමත් වන්නේ දෙමව්පියන් සහ භාරකරුවන් ම පමණක් නො වේ. එම සතුට සමස්ත මානව සමාජය ම අත්විඳිනු ඇත. එබඳු අත්දැකීම් ලෝකයේ ඕනෑ තරම් තිබේ. අනාගතයේ ද එබඳු දෑ නිර්මාණය වීම නතර නො වේ. එබැවින් වැඩිහිටියන් වශයෙන් අප, ගුණ නැණින් යුතු දරු පරපුරක් රටට ලෝකයට දායාද කිරීමට නම් දරුවා දැනුම, ආකල්ප සහ කුසලතාවලින් පූර්ණත්වයට පත් කිරීමට අවශ්‍ය පසුබිමක් සලසා දිය යුතු ම ය. 

දෙමාපියන්ගේ සදාතනික සිතුවිල්ල වන “සියල්ලට පෙර දරුවන් ය" යන්න මෙවර ලෝක ළමා දින තේමාව බවට පත් ව තිබේ. ප්‍රගතිශීලී රජයක් වශයෙන් සුරක්ෂිත පරිසරයක් තුළ ඔබේ දරුවාට අවශ්‍ය සේවා, පහසුකම් සහ අවස්ථා සලසා දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි යථාර්ථයක් බවට පත් කරමින් සිටින බව සිහිපත් කරමි. 

සමාජානුයෝජන ක්‍රියාවලියේදී පුරෝගාමී සියලුම ආකාරයේ වැඩිහිටියන්ට ළමයින් සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම සුළු කොට තැකිය නො හැකි ය. එබැවින් ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි. ඒ ජීවිතය යනු ආපසු හැරවිය නො හැක්කක් බැවිනි. 

මෙවර ද ලෝක ළමා දිනය අපගේ දරුවන්ට පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට අවස්ථාව නැතත්, සියලු ම දරුවන්ට තමන්ගේ නිවහනේ සිට හෝ සතුටින් සැමරීමට ආශිර්වාද කරමින් ඔබ සැමට සෞභාග්‍යවත් අනාගතයක් ප්‍රාර්ථනා  කරමි.

වැඩිහිටියන්ට ළමයින් ගැන ඇති වගකීම සුළු කොට තැකිය නොහැකියි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
වැඩිහිටියන්ට ළමයින් ගැන ඇති වගකීම සුළු කොට තැකිය නොහැකියි | Lanka Newsweek