වායු ගෝලය කැළඹෙයි..! ලංකාවට තද වැසි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ශ්‍රී ලංකාවට ආසන්යේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (1) සිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අධික වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව "මධ්‍යම, ඌව, සබරගමුව,…
ශ්‍රී ලංකාවට ආසන්යේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (1) සිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අධික වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව "මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල ද මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වල ද මිලිමීටර 100 ඉක්මවූ තද වැසි" ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාර කාලගුණ නිලධාරීවරයා පැවසිය.
මේ අතර, ගත වූ පැය 24ක කාලය තුළ වැඩි ම වර්ෂාපතනය වූ මිලිමීටර 109 කුරුණෑගලින් වාර්තා වී ඇත.
මීට අමතරව, මහනුවර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවලට අධික වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කර සිටින්නේ අධික වැසි සහ ජල ගැලීම්වලින් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 700ක් පමණ මේ වන විට විපතට පත්ව සිටින බවයි.
මහනුවර, බදුල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල අධික වැසි ඇති විය හැකි බැවින් නායයාම් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.
පානදුර සිට අම්බලන්ගොඩ දක්වා මුහුදු තීරය ආශ්‍රිතව තද සුළං අපේක්ෂා කරන අතර ඒ හේතුවෙන් උදම් රළ ඇති වීමේ අවදානමක් පවතින අතර එහෙයින්, ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන්නන් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවප් රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.
තවද මෙම අයහපත් කාලගුණය පවතින අවස්ථාවල අකුණු අනතුරු බහුල විය හැකි බැවින් ඒ පිළිබඳව සුපරික්ෂාකාරීව කටයුතු කරන ලෙස ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.ඒ අනුව අධික වැසි පවතින අවස්ථාවල ගෘහස්ත විදුලි පරිපථ විසන්ධි කළ යුතු අතර, නිරාවරණ ස්ථානවල රැඳී සිටීම ද නොකළ යුතු බව ය.
යම් අනතුරක් හෝ අවදානමක් ඇත්නම් 117 දුරකතන අංකයට අමතා දැනුම් දෙන ලෙස ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1