අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ව්‍යාපාරික සහයෝගිතාවට අවැසි කොන්දේසිය ඉන්දියාව පහදයි

ව්‍යාපාරික සහයෝගිතාවට අවැසි කොන්දේසිය ඉන්දියාව පහදයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුව සිකුරාදා (නොවැ: 29) නවදිල්ලි නුවර පිහිටි හයිදරාබාද් හවුස්හිදී සිදුවිය. එම හමුව සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුව සිකුරාදා (නොවැ: 29) නවදිල්ලි නුවර පිහිටි හයිදරාබාද් හවුස්හිදී සිදුවිය.

එම හමුව සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංහල බසින් ට්විටර් ඔස්සේ සිය සතුට පළ කර තිබීම විශේෂත්වයකි.

"ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වශයෙන් සිදු කරන ප්‍රථම විදෙස් සංචාරයේදී @GotabayaR පිළිගැනීමට ලැබීම සතුටක්. එතුමාගේ සංචාරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාවයේ සංකේතයක් වන අතර එය අපගේ බැඳීම් ශක්තිමත් කිරීමට හා අප සහයෝගීතාවය බලගැන්වීමට උපකාරී වනු ඇත."

ව්‍යාපාරික සහයෝගිතාවට අවැසි කොන්දේසිය ඉන්දියාව පහදයි

ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරු ගෝඨාභය රාජපක්ෂ සහ නරේන්ද්‍ර මෝදි ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ද එක්විය.

දැන්වීම

ව්‍යාපාරික සහයෝගිතාවට අවැසි කොන්දේසිය ඉන්දියාව පහදයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ, "සමානාත්මතාව, යුක්තිය, සාමය සහ ගෞරවය වෙනුවෙන් දෙමළ ජනයාගේ අභිලාෂයන් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ඇතැයි තමන් විශ්වාස," කරන බවය.

දෙරටේ අන්‍යොන්‍ය ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහි අන්‍යොන්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති රාජපක්ෂ සමග විස්තරාත්මකව සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට ඉන්දියාවේදී ත්‍රස්ත මර්දන පුහුණුව ලබා දීමට කටයුතු කරන බවත් නරේන්ද්‍ර මෝදි පැවසීය.

ඔහු කියා සිටියේ, තමන්ගේ රජය 'අසල්වැසියා පළමු කොට සලකන' ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බවය.

ජනාධිපති ගෝඨාභයගේ ඉන්දීය සංචාරය

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධූරයට පත් වීමෙන් පසු නිරත වන පළමු නිල විදෙස් සංචාරය අරඹමින් බ්‍රහස්පතින්දා (නොවැ: 28) ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා විය.

ඒ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල සහ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග යන නිලධාරීන් ද සමගිනි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් විසින් නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ව්‍යාපාරික සහයෝගිතාවට අවැසි කොන්දේසිය ඉන්දියාව පහදයි

ව්‍යාපාරික සහයෝගිතාවට අවැසි කොන්දේසිය ඉන්දියාව පහදයි

සිකුරාදා (නොවැ: 29) පෙරවරු 9.45ට පමණ ගෝඨාභය රාජපක්ෂ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් හමුවී සාකච්ඡා කළේය.

"ආර්ථික සංවර්ධනය අරමුණු කර ගත් අන්‍යොන්‍ය ප්‍රතිලාභ සහිත නව ප්‍රවේශයකින් ඉන්දු - ශ්‍රී ලංකා සබදතා නව යුගයකට ගෙන යාම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අපේක්ෂාව වන," බව එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, "ගුණාත්මක අගයෙන් ඉහළ පාලන තන්ත්‍රයක් පැවතීම යන කොන්දේසිය මත දෙරට අතර ව්‍යාපාරික සහයෝගීතාව වර්ධනය වනු ඇති," බවට ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පැවසූ බවය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ, එවිට විදේශ ආයෝජන ගලාගෙන එනු ඇති බවය.

ව්‍යාපාරික සහයෝගිතාවට අවැසි කොන්දේසිය ඉන්දියාව පහදයි

අනතුරුව පෙරවරු 11.00ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි.

එහිදී, ඔහු වෙනුවෙන් හමුදා ගෞරවාචාර පුද කරනු ලැබීය.

ව්‍යාපාරික සහයෝගිතාවට අවැසි කොන්දේසිය ඉන්දියාව පහදයි

ව්‍යාපාරික සහයෝගිතාවට අවැසි කොන්දේසිය ඉන්දියාව පහදයි

පසුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නවදිල්ලියේ රාජ්ඝට්හි පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.

ව්‍යාපාරික සහයෝගිතාවට අවැසි කොන්දේසිය ඉන්දියාව පහදයි

නවදිල්ලි නුවර පිහිටි හයිදරාබාද් හවුස්හිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුව සිදුවිය.

ව්‍යාපාරික සහයෝගිතාවට අවැසි කොන්දේසිය ඉන්දියාව පහදයි

ව්‍යාපාරික සහයෝගිතාවට අවැසි කොන්දේසිය ඉන්දියාව පහදයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට පැමිණියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවය.

තෙදින නිල සංචාරයක නිරත වන ගෝඨාභය රාජපක්ෂ සෙනසුරාදා (නොවැ: 30) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

- BBC-සිංහල -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ව්‍යාපාරික සහයෝගිතාවට අවැසි කොන්දේසිය ඉන්දියාව පහදයි | Lanka Newsweek