වසර මිලියන 80කට පෙර ජීවත් වූ මෝරෙක් තවමත් පණපිටින්..

(හේමන්ත තුෂිත කුමාර) වසර මිලියන 80කට පෙර ජීවත්ව සිට වඳව ගියේයැයි සිතූ අතිශය දුර්ලභ ගණයේ මෝරෙකු පණපිටින් සොයා ගැනීමට පර්යේෂක කණ්ඩායමක් සමත්ව ඇත. මේ මෝරා සොයාගෙන ඇත්තේ පෘතුගාල වෙරළ තීරයට ඉතා ආසන්න…
(හේමන්ත තුෂිත කුමාර)
වසර මිලියන 80කට පෙර ජීවත්ව සිට වඳව ගියේයැයි සිතූ අතිශය දුර්ලභ ගණයේ මෝරෙකු පණපිටින් සොයා ගැනීමට පර්යේෂක කණ්ඩායමක් සමත්ව ඇත. මේ මෝරා සොයාගෙන ඇත්තේ පෘතුගාල වෙරළ තීරයට ඉතා ආසන්න ප්රදේශයකදීය. යුරෝපා හවුලට අයත් ව්‍යාපෘතියක නිරත වෙමින් සිටි පර්යේෂක කණ්ඩායමට මේ පෘතුවිය මත වෙසෙන වටිනාම ජීවීන් අතලොස්සෙන් කෙනෙක් වූ මෝරා අහම්බෙන් හමුව ඇත. කුරිරු දත් සහ ගෙළ ප්‍රදේශයේ නෙරියක් සහිත මේ මෝරා Tyrannosaurus Rex ජීවත් වූ ඩයිනසෝර යුගයට (Cretaceous Period) අයත්ය.
අඩි390ත් 4200ත් අතර ගැඹුරු මුහුදේ ජීවත් වන මේ මෝරා 19 වන සියවසට පෙර ඉතිහාසයේදී දුටු බවක් වාර්තා නොවේ. විශේෂ ආකාරයේ මුඛයක් සහිත මෝරාට දත් 300ක් පමණ පවතී. එය පේලි 25කට පිහිටා ඇත.