අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වසන්ත සහෝදරයා තමයි හොඳම සමාජවාදියා

වසන්ත සහෝදරයා තමයි හොඳම සමාජවාදියා

සහෝදරයා......මේ දවස්වල හතුරාගේ මඩ ප්‍රහාරවලට වැඩියෙන්ම ලක්වෙන්නේ අපේ වසන්ත සහෝදරයා.කෝටි 27.5ක වත්කම් අල්ලගෙන මුන් මඩ ගනවා.ඔය වසන්ත සහෝදරයා මේ අපි වගේ දුප්පත් පවුලක කෙනෙක් නෙවෙයි.යමක් කමක් තිබුණ ලොකු…

සහෝදරයා......මේ දවස්වල හතුරාගේ මඩ ප්‍රහාරවලට වැඩියෙන්ම ලක්වෙන්නේ අපේ වසන්ත සහෝදරයා.කෝටි 27.5ක වත්කම් අල්ලගෙන මුන් මඩ ගනවා.ඔය වසන්ත සහෝදරයා මේ අපි වගේ දුප්පත් පවුලක කෙනෙක් නෙවෙයි.යමක් කමක් තිබුණ ලොකු පවුලක කෙනෙක්.මම නං කියන්නේ එහෙම පවුලක කෙනෙක් නිර්ධන පන්තියේ පක්ෂයට එනවා කියන්නෙම ලොකු දෙයක් සහෝදරයා.

මේ පක්ෂෙට ගන්නේ දුප්පත් අය විතරයි කියලා හිතාගෙනලු කෝච්චියේ බිස්නස් කළ කියලා බොරුවක් කියලා තියෙන්නේ කියලා මගේ යාලුවෙක් කිව්වා.ඒ තරම් උවමනාවකින් තමයි අපේ පක්ෂයට සම්බන්ධව වෙලා තියෙන්නේ.අනික ඉතින් සහෝදරයා ධනපති ක්‍රමය යටතේ විතරක් නෙවෙයිනේ සමාජවාදය යටතේ උනත් ගෙවන්නේ හැකියාවට අනුවනේ.ඉතින් සමජවාදයෙත් එහෙම නං ධනපති ක්‍රමය යටතේ කොහොම හම්බ කරන්න බැරිද?

ඊළඟට සමාජවාදය හදනකොට කරන්නේ ඔය දේපල ඔක්කොම පවරාගන්න එකනේ.ඉතින් අපේ අය ලග වත්කම් තියන එක පවරගන්නත් ලේසියිනේ.ලාල් සහෝදරයා කිව්වේ ආණ්ඩුවෙන් ඉල්ලුවොත් ඔක්කොම උනත් දෙනවා කියලා.මම නං කියන්නේ සහෝදරයා අපේ දේශපාලන මණ්ඩලයේ හැම සහෝදරයෙකුට අඩුම ගානේ බිලියනයකවත් වත්කම් තියෙන්න ඕනි.මෙරට බැරිනං පිටරට හරි තියාගන්න ඕනි.

දැන්වීම

එතකොට කවදාවත් මුන්ට බලය නොදී අපටම තියාගන්න පුළුවන්.එහෙම නැතිවත් මුන් කියන්නේ අනුරයියා ග්‍රීසියෙයි, අයර්ලන්තයෙයි සල්ලි හංගලා කියලානේ කියන්නේ.අනික සහෝදරයා පුළුවන් නම් ධම්මික පෙරේරා,ඉෂාර නානයක්කාර, හනිෆා යුසුෆ් වගේ සහෝදරවරු කෙලින්ම අපේ දේශපාලන මණ්ඩලයට ගන්න තියෙන්නේ,ඩඩ්ලි සහෝදරයා බැරිනං එයාගේ බෑනා උනත් කමක් නෑ.

මට හිතෙන්නේ අපි එයාලා අපේ පන්තියට ගේනවට වැඩිය අපිත් ට්‍රයි කරන්න ඕනි එයාලගේ පන්තියට යන්න.වසන්ත සහෝදරයට පුළුවන් නං ඇයි අපට බැරි සහෝදරයා.ට්‍රයි කරලා අපි ඔක්කොම ධනපතියෝ උනොත් ඒත් ඉතින් සමජවාදය තමයි.ඇයි එතකොට අපි ඔක්කොම සමානයිනේ.ඔක්කොම ධනපතියෝනේ.

අපි නිර්ධන පන්තිය විදිහටම හිටලා ධනපතියොත් අපේ ගානට ගේනවට වැඩිය නරකද සහෝදරයා අපිත් උන්ගේ ගානට දියුණු වෙන එක.මම නං ඒක ඉගෙන ගත්තේ වසන්ත සහෝදරයගෙන්. මුන් කිව්වට වසන්ත සහෝදරයා පක්ෂ සාමාජිකයෝ හූරගෙන කෑවා කියලා අපිට එහෙම එකක් දැනුනේවත් නෑ.වසන්ත සහෝදරයගේ කැබ් එකට අන්තිමට කෙහෙල් කැනත් පැටවලා තියන රත්නපුරේ සහෝදරයත් හරිම සතුටින් ඉන්නේ.

ඔය හූරගෙන කනවා වගේ වචන අපි දැන් වැඩිය පාවිච්චි කරන්නවත් හොඳ නෑ.ටිල්වින් සහෝදරයත් දැන් ඒවා කියන්නේ නෑනේ.හූරගෙන කෑම කියන එකට වෙන වචනයක් දාන්න ඕනි. හදුන්නෙත්ති සහෝදරයා කියලා ඕනි නං හූරගෙන කනවා කියනවා වෙනුවට පාන් කනවා කියලා උනත් දාගන්න පුළුවන්. මම කියන්නේ අපේ සහෝදරවරුත් අපි හුරු කරන්න ඕනි වසන්ත සහෝදරයා වගේ වෙන්න.

එහෙම උනොත් අපි කාටත් වසන්තය එනවා සහෝදරයා. සමාජවාදය කියන්නෙත් වසන්තය වගේ එකක් තමයි.

අවංක ජෙප්පා.

- රටේ රාළ - 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න