වසන්ත සමරසිංහ - ලාල් කාන්ත හවුල ගොවියාට කළ විනාශ..

දේශීය වෙළදපොලේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූණු තොග පවතිද්දී රජය විසින් බී ලූණු සහ අර්තාපල් ආනයනය කර ඇති බවත්, සදහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකිරිමේ හේතුව මත දේශීය අර්තාපල් සහ බී ලූණු ගොවින්ට…
දේශීය වෙළදපොලේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූණු තොග පවතිද්දී රජය විසින් බී ලූණු සහ අර්තාපල් ආනයනය කර ඇති බවත්, සදහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකිරිමේ හේතුව මත දේශීය අර්තාපල් සහ බී ලූණු ගොවින්ට නිශ්පාදන වියදමවත් ආවරණය වන පරිදි අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව ඇත.නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය අද (10) දින වසා තබමින් රජයට සිය විරෝධය දැක්වීමට ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් සහ නුවරඑලිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් පියවර ගෙන ඇත.
අද දින නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග කිසිවක් කොළඹ ඇතුලු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය නොකල බවත්,නුවරඑලිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් අද දින දෛනික කටයුතු වලින් ඉවත් වි රජයට විරෝධය දක්වමින් සිටින බවයි එම ව්‍යාපාරිකයන් පවසයි.
පුවතක්.
දැන්වීම
■ රටේ රාළගේ සටහන.
අපේ කෘෂිකර්ම ඇමති සේවය කරන්නේ ඉන්දියානු සහ පකිස්තාන ගොවියන්ට. මිනිහා කියන්නේ වවාගෙන කන ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුවේ නෑ කියලයි, අපේ රටේ වෙළඳ ඇමති සේවය කරන්නේ ඉන්දීය ගොවීන්ට සහ මෙරට ආනයනකරුවන්ටයි.
අපේ රටේ අල සහ ලූණු ගොවියාගේ අස්වනු එන කාලයට මෙයාලා ඒවා ගෙනත් ගබඩාවල පිරෙව්වා. අද ගොවියාට තමන්ගේ නිෂ්පාදනය විකුණනා ගන්න බැරිව ලතවෙනවා. ගොවියා වෙනුවෙන් කෘෂිකර්ම ඇමති පෙනී හිටියේ නෑ.
ඇත්තටම මේක මහ කාලකණ්ණි ආණ්ඩුවක්. තවදුරටත් මේ කාලකණ්ණි ආණ්ඩුව තියාගෙන සිටීමෙන් රටම කාලකණ්ණි වෙනවා. අනුර,ලලාල් කාන්ත සහ වසන්ත සමරසිංහ මේ විනාශයට සෘජුවම වගකියන්න ඕනි.