අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වසන්තගෙන් මනූෂ මිලියන 500ක වන්දියක් ඉල්ලයි

වසන්තගෙන් මනූෂ මිලියන 500ක වන්දියක් ඉල්ලයි

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත් කර යැවීම සඳහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව,…

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත් කර යැවීම සඳහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව, කම්කරු හා විදේශ රැකියා හිටපු ඇමැති මනූෂ නානායක්කාර මහතා රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශය භාරව කටයුතු කළ කාලයේදී විශාල පිරිසක් විදේශ රැකියා සඳහා පිටත් කර යවා තිබෙන බවද, එසේ විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යොමු කිරීම හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර වෛරය ඇති කිරීම සඳහා මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙන බව ද එන්තරවාසියේ දැක්වේ.

ඊශ්‍රායල් සහ කොරියානු රැකියා ලබාදීම සඳහා අත්සන් යෙදීම සඳහා මුදල් ලබාගන්නා බවට වසන්ත සමරසිංහ කර තිබෙන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ බව ද එන්තරවාසියේ සඳහන් වේ.

දැන්වීම

අසත්‍ය ප්‍රකාශ කරමින් අපකීර්තියට ලක් කිරීම සමබන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා ඇති අතර එම වන්දි මුදල දින 14ක් ඇතුළත ලබාදීමට කටයුතු නොකරන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරා වන්දි මුදල සහ නඩු ගාස්තු අය කර ගැනීමට කටයතු කරන බවද වසන්ත

සමරසිංහ වෙත යොමු කළ එන්තරවාසියේ දැක්වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
වසන්තගෙන් මනූෂ මිලියන 500ක වන්දියක් ඉල්ලයි | Lanka Newsweek