අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වර්තමාන ජනාධිපතිවරයාට තම වරප්‍රසාද ඉවත් කර ගැනීමට හැකියි

වර්තමාන ජනාධිපතිවරයාට තම වරප්‍රසාද ඉවත් කර ගැනීමට හැකියි

අනාගතයේ දිනෙක පිස්සන් ටිකක් බලයට පත්වී මෙවැනි ව්‍යවසනයක් වෙනු ඇතැයි කල්තියා දැනගෙන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ධුරය දරද්දී ආණ්ඩුකම ව්‍යවස්ථාවට 36-02 වගන්තිය එක් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…

අනාගතයේ දිනෙක පිස්සන් ටිකක් බලයට පත්වී මෙවැනි ව්‍යවසනයක් වෙනු ඇතැයි කල්තියා දැනගෙන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ධුරය දරද්දී ආණ්ඩුකම ව්‍යවස්ථාවට 36-02 වගන්තිය එක් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.එම වගන්තිය අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීමට හෝ අහෝසි කිරීමට අනපනත් අතීතයට බලපාන පරිදි ගෙන ආ නොහැකි බව ඔහු කියා සිටියි.හිටපු ජනාධිපතිලාගේ වැටුප් ඉහල නැංවිය හැකි වුවද අඩු කිරීමට එම වගන්තිය අනුව කළ නොහැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

ජනතාව කුල්මත් කිරීමට ව්‍යවස්ථාව නොකියූ හරක් මෙවැනි කතා කීවද අවශ්‍ය නම් පනතක් ගෙනැවිත් වර්තමාන ජනාධිපතිවරයාට තම වරප්‍රසාද ඉවත් කර ගැනීමට හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.හිටපු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ  බව කියා සිටියේ මහ මැතිවරණ වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

වර්තමාන ජනාධිපතිවරයාට තම වරප්‍රසාද ඉවත් කර ගැනීමට හැකියි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න