වජිර එදා ජාතික ලැයිස්තුව ඉල්ලුවාම රනිල් කිව්ව කතාව මෙන්න..!

''පරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන සම්ප්‍රදායක් එජාපයේ නැහැ'' වජිර රනිල්ට උදව් කරන්නේ සද්භාවයෙන් නොවෙයි බලයෙන් නොව වසඟයෙන් එජාප නායකත්වය ගැනීම වජිරගේ සූත්තරයයි රනිල්ට පන්දම් අල්ලනේ ඒ…
''පරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන සම්ප්‍රදායක් එජාපයේ නැහැ''
වජිර රනිල්ට උදව් කරන්නේ සද්භාවයෙන් නොවෙයි
බලයෙන් නොව වසඟයෙන් එජාප නායකත්වය ගැනීම වජිරගේ සූත්තරයයි
රනිල්ට පන්දම් අල්ලනේ ඒ නිසයි-මෙන්න හෙළිදරව්ව..!
එජාප සම්ප්‍රදාය අමු අමුවේ උල්ලංඝනය කරන පළමු නායකයා
(සුජිත් මංගල ද සිල්වා)
2010 මහා මැතිවරණයේ දී වජිර අබේවර්ධන පරාද වුණා. ඒ අවස්ථාවේ දී ඔහු තමාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න කියා රනිල් වික්‍රමසිංහ මහතා වෙත පණිවුඩයක් යවමින් ඉල්ලා සිටියා. ජනතාව ප්‍රතික්ෂේප කළ පරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන සම්ප්‍රදායක් එක්සත් ජාතික පක්ෂයේ නොමැති බව කියමින් රනිල් වික්‍රමසිංහ මහතා එදා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා'' යැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් ''lankanesweek'' සමඟ පැවැසීය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයට අදාළව මේ අතීත සිද්ධිය සිහිපත් කරමින් එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ එම ජ්‍යෙෂ්ඨ නායකයා මෙසේ ද කීය.
2010 මහා මැතිවරණයේ දී වජිර අබේවර්ධන පරාද වුණා. ඒ අවස්ථාවේ දී ඔහු තමාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න කියා රනිල් වික්‍රමසිංහ මහතා වෙත පණිවුඩයක් එව්වා. ඔහු එම පණිවුඩය එවා තිබුණේ ''ලංකාදීප'' සහ ''දිවයින'' යන පුවත්පත්වල සේවය කරන රනිල් වික්‍රමසිංහ මහතාට අතිශය සමීප ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් මාර්ගයෙනුයි.
දැන්වීම
තමාව ජාතික ලැයිස්තුවෙන් එසේ පාර්ලිමේන්තුවට ගන්නේ නම් මහා සංඝයා වහන්සේලා දහස් නමක් කොළඹට වැඩමවා, රනිල් වික්‍රමසිංහ මහතා ගත් එම දේශපාලන තීන්දුව නිවැරදි වන අතර ඊට මහා සංඝ රත්නයේ ආශීර්වාදය තිබෙන බව උන්වහන්සේලා මාර්ගයෙන් මුළු රටටම කියා සිටින බවට වජිර අබේවර්ධන මහතා සිය පණිවුඩය මගින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රතිඥා දුන්නා.
එවිට එක්සත් ජාතික පක්ෂයෙන් සහ පාක්ෂිකයින්ගෙන් රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම ප්‍රශ්නයක්, බලපෑමක් සහ පීඩනයක් ඇති නොවන අතර තමා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ආරක්ෂා කර දීම වෙනුවෙන් ඇපකැප වන බවට ද වජිර අබේවර්ධන මහතා සිය පණිවුඩය මගින් වැඩි දුරටත් කරුණු දක්වමින් එදා තරයේ කියා සිටියා.
නමුත් වජිර අබේවර්ධන මහතාගේ මෙම පණිවුඩය ගෙන ආ අයට රනිල් වික්‍රමසිංහ මහතා තරයේ කියා සිටියේ, ජනතාව ප්‍රතික්ෂේප කළ පරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන සම්ප්‍රදායක් එක්සත් ජාතික පක්ෂයේ නොමැති බවයි. එසේ කියමින් වජිර අබේවර්ධන මහතාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කළත් ඒ වන විට මහා ජන මන්ත්‍රීවරයෙකු නොවන වජිර අබේවර්ධන මහතාව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ නැහැ.
මහා ජන මන්ත්‍රීවරයෙකු නොවන සහ ජනතාව ප්‍රතික්ෂේප කළ වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ සභාපති ධූරයෙන් ඉවත් කර එම තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කරන ලෙසට එම දිස්ත්‍රික්කයේ ජනතාව කළ ඉල්ලීම රනිල් වික්‍රමසිංහ මහතා ගණන් ගත්තේවත් නැහැ.
ඒ වන විට මහා ජන මන්ත්‍රීවරයෙකු නොවන පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් සංවිධානයක සභාපති ධූරයක් දරමින් සිටියා නම් ඒ වජිර අබේවර්ධන මහතා විතරයි. ගාල්ල දිස්ත්‍රික්කයේ වජිර අබේවර්ධන මහතා හැරුණු කොට සෑම දිස්ත්‍රික්කයකම, එම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ සභාපති ධූරය දැරුවේ මහා ජන මන්ත්‍රීවරුන් විසිනුයි.
ජනතාව ප්‍රතික්ෂේප කළ පරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන සම්ප්‍රදායක් එක්සත් ජාතික පක්ෂයේ නොමැති බව එදා තරයේ කියා සිටී රනිල් වික්‍රමසිංහ මහතා ම එම සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් කිසිදු ලැජ්ජාවක් හෝ විලි බියක් නොමැතිව ජාතික ලැයිස්තුවෙන් අද පාර්ලිමේන්තුවට යාම රට්ටු හිනස්සන විහුළුවක් බව කිව කිව යුතුයි.
ජාතික ලැයිස්තුවෙන් තමාව එදා පාර්ලිමේන්තුවට ගැනීම රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කළත්, එසේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යාම සඳහා වජිර අබේවර්ධන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට මුල සිටම උල්පන්දම් දුන්නේ ද, ඔහුගේ පක්ෂ නායකත්වය රැක ගැනීමට උදව් උපකාර කළේ ද උපක්‍රමිකව ඔහුගේ හිත දිනා ගෙන ඔහුගෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීම සඳහායි.''
