අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ලෝක කුස­ලාන තර­ග­යක් විනි­ශ්චය කළ ප්‍රථම ශ්‍රී ලාංකේය කාන්තාව පිළි­ගැ­නීමේ උත්ස­ව­යක්

ලෝක කුස­ලාන තර­ග­යක් විනි­ශ්චය කළ ප්‍රථම ශ්‍රී ලාංකේය කාන්තාව පිළි­ගැ­නීමේ උත්ස­ව­යක්

කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් මහ තර­ග­යේදී පිටියේ විනි­සු­රු­වකු ලෙස කට­යුතු කළ නිමාලි පෙරේරා මෙණෙ­විය පිළි­ගැ­නීමේ උත්ස­ව­යක් පසු­ගි­යදා කළු­තර ශුද්ධවූ පවුලේ…

කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් මහ තර­ග­යේදී පිටියේ විනි­සු­රු­වකු ලෙස කට­යුතු කළ නිමාලි පෙරේරා මෙණෙ­විය පිළි­ගැ­නීමේ උත්ස­ව­යක් පසු­ගි­යදා කළු­තර ශුද්ධවූ පවුලේ කන්‍යා­රා­ම­යේදී පැවැ­ත්විණි.

ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යක අව­සන් මහ තර­ග­යක් විනි­ශ්චය කළ ප්‍රථම ශ්‍රී ලාංකේය කාන්තාව වන නිමාලි පෙරේරා කළු­තර ශුද්ධවූ පවුලේ කන්‍යා­රා­මයේ කීර්ති­මත් ආදි ශිෂ්‍යා­වක වන අතර, ප්‍රධාන ක්‍රීඩා නායි­කාව ලෙස ද කට­යුතු කර ­තිබේ.

පසු­ගි­යදා පැවති උත්ස­ව­යේදී විදු­හ­ල්ප­තිනි ජෙෂිකා කුල­තුංග පැවිදි සොයු­රිය විසින් ඇය පිළි­ගෙන කැඳ­වා­ගෙන උත්සව සභාව වෙත කැඳ­වා­ගෙන ගියාය. විදු­හලේ ආචාර්ය මණ්ඩ­ලය, වත්මන් සිසු­වි­යන්  සහ ආදි ශිෂ්‍ය සංග­මයේ සාමා­ජි­කාවෝ මේ අව­ස්ථා­වට එක්වූහ.

[කුමාරි පතිරාජ] 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න