“ලෝක ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් පාර්ලිමේන්තුව වර්ජනය කර නැහැ”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තු වර්ජනය ලෝක ගිනස් වාර්තාවක්..! (සුජිත් මංගල ද සිල්වා) ලෝක දේශපාලන ඉතිහාසයේදී ලෝකයේ කිසිම රටක කිසිම ආණ්ඩු පක්ෂයක් කවදාවත් පාර්ලිමේන්තුව වර්ජනය කර නැතැයි ප්‍රවීණ…
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තු වර්ජනය ලෝක ගිනස් වාර්තාවක්..!
(සුජිත් මංගල ද සිල්වා)
ලෝක දේශපාලන ඉතිහාසයේදී ලෝකයේ කිසිම රටක කිසිම ආණ්ඩු පක්ෂයක් කවදාවත් පාර්ලිමේන්තුව වර්ජනය කර නැතැයි ප්‍රවීණ මාධ්‍යවේදී සහ දේශපාලන විචාරක වික්ටර් අයිවන් මහතා අවධාරණය කර සිටියි.
සාධනීය හෝ වේවා නිශේධනීය හෝ වේවා යම් යම් කරුණු කාරණා මත පාර්ලිමේන්තු වර්ජනය කරනවා නම් එසේ කරන්නේ විපක්ෂය බව ද ඔහු පෙන්වා දුන්නේය.
ප්‍රවීණ ලේඛක සහ දේශපාලන විචාරක වික්ටර් අයිවන් මහතා මේ බව අවධාරණය කර සිටියේ රටේ අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ලෙස පෙනී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන කණ්ඩායම පාර්ලිමේන්තුව අද (27) වර්ජනය කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් “lankanewsweek” කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
ආණ්ඩුවක් පාර්ලිමේන්තුව වර්ජනය සම්ප්‍රදායක් හෝ ආණ්ඩුවකට එවැනි අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දුන් වික්ටර් අයිවන් මහතා තමා දන්නා ලෝක දේශපාලන ඉතිහාසය අනුව නම් ලෝකයේ කිසිම රටක කිසිම ආණ්ඩුවක් කවදාවත් පාර්ලිමේන්තුව වර්ජනය කර නැතැයි ද වැඩි දුරටත් අවධාරණය කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
