ලේඛන නැතිව E-COMMERCE හරහා භාණ්ඩ යැවීමට අවස්ථාවක්..!

ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට E COMMERCE හරහා භාණ්ඩ යැවීමට මෙරට ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමි ව තිබේ. ඒ අනුව එක් ගනුදෙනුවක උපරිමය අමෙරිකානු ඩොලර්.…
ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට E COMMERCE හරහා භාණ්ඩ යැවීමට මෙරට ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමි ව තිබේ.
ඒ අනුව එක් ගනුදෙනුවක උපරිමය අමෙරිකානු ඩොලර්. 3000 ක් වටිනා භාණ්ඩ, අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව යැවීම සඳහා මෙරට ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මෙරට පාරිභෝගිකයන් හට විදේශ සමාගම් වෙතින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථා තිබෙන නමුත් විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට එසේ භාණ්ඩ යැවීම සඳහා මෙරට ව්‍යාපාරිකයටන්ට අවස්ථාව හිමි ව තිබුණේ නැත.
දැන්වීම
ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා සහ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගනුදෙනු ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හරහා පහසු කිරීම පිණිස මෙම නව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය දා නිකුත් කළේ ය.
මෙසේ එක් වරකට උපරිමය අ.ඩො. 3000 දක්වා වටිනා භාණ්ඩ ඕනෑම ප්‍රමාණයකින් විදේශීය පාරිභෝගිකයන් වෙත යැවීමෙන් පසුව එසේ මසක් ඇතුළත එසේ යවන ලද සියලු භාණ්ඩ වෙනුවෙන් මාසය අවසානයේදී ඒ සඳහා වන රේගු ලේඛනය (CUSDEC) ශ්‍රී ලංකා රේගුව වෙත අපනයනකරුවන් විසින් ඉදිරිපත් කළ යුතු වනු ඇති.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් හෝ ව්‍යාපාරයක්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් නැතහොත් අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකුට ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා වෙත ඍජුව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ගනුදෙනු කිරීමට ලබාදී ඇති මෙම පහසුකම භුක්ති විඳීමට අවසරය හිමිවනු ඇති.
(සිරස)