අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලෙස්ටර්ගේ සම්මානය සොරා ගැනීම සම්බන්ධයෙන් පස් දෙනකු සැක පිට අත්අඩංගුවට..!

ලෙස්ටර්ගේ සම්මානය සොරා ගැනීම සම්බන්ධයෙන් පස් දෙනකු සැක පිට අත්අඩංගුවට..!

(නිලන්ති චන්ද්‍රසේන) ප්‍ර වීණ සිනමාවේදී අභාව ප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අයත් පදක්කම සොරා ගැනීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් පස් දෙනකු මේ වනවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.…

(නිලන්ති චන්ද්‍රසේන)

ප්‍රවීණ සිනමාවේදී අභාව ප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අයත් පදක්කම සොරා ගැනීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් පස් දෙනකු   මේ වනවිට පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන තිබේ.

ජීවිතේ එක් වරක් පමණක් අද්විතීය සිනමාකරුවෙකුට හිමි වන ඉන්දීය යාවජීව කර්තව්‍ය සම්මානය 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේ දී 2000 වසරේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට පිරිනැමිණ.

එම සම්මානය සහ පදක්කම  මාර්ග අංක 177  කඩුවෙල – කොල්ලුපිටිය සුඛෝපභෝගී බස් රථයක, ගමන් භාණ්ඩ රඳවනයේ සඟවා  තිබියදී එම බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර දැක ඒ පිළිබඳව  කොල්ලුපිටිය පොලිස්ථානයට කළ දැනුම් දීමට අනුව පොලිසිය එම සම්මානය සහ පදක්කම සිය භාරයට ගෙන වැඩි දුර පරීක්ෂණ ආරම්භ කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලෙස්ටර්ගේ සම්මානය සොරා ගැනීම සම්බන්ධයෙන් පස් දෙනකු සැක පිට අත්අඩංගුවට..! | Lanka Newsweek