අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලක්ෂ ගණනනක් හොරා කෑ සජීව විජේවීරට ස්වදේශ ඇමතිගේ මාධ්‍ය ලේකම් රැකවරණය දෙයි..!

ලක්ෂ ගණනනක් හොරා කෑ සජීව විජේවීරට ස්වදේශ ඇමතිගේ මාධ්‍ය ලේකම් රැකවරණය දෙයි..!

සැගව සිටීමට ස්වදේශ අමාත්‍යංශයේ මුළුතැන්ගෙයින් ඉඩක් ලබා දීලා..! කිසිවක්ව නොදන්නා සහ නොදුටු ගානට වජිර අබේවර්ධන අහක බලාගෙන..! (නිමල රංජිත්) රුපියල් කෝටි ගණනක මහා පරිමාණ මුල්‍ය වංචාවක් සහ කූට ලේඛණ සකස්…

සැගව සිටීමට ස්වදේශ අමාත්‍යංශයේ මුළුතැන්ගෙයින් ඉඩක් ලබා දීලා..!

කිසිවක්ව නොදන්නා සහ නොදුටු ගානට වජිර අබේවර්ධන අහක බලාගෙන..! 

(නිමල රංජිත්)

රුපියල් කෝටි ගණනක මහා පරිමාණ මුල්‍ය වංචාවක් සහ කූට ලේඛණ සකස් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී රැකියාවෙන් ද පහ කර සිටින ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක සජීව විජේවීර මහතාව,වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ මධ්‍ය ලේකම් ප්‍රියංකර වික්‍රමසේකර මහතා විටින් විට එම අමාත්‍යංශයට ගෙන්වා ගන්නා බව වාර්තා වේ.

ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට පැමිණි විට කිසිවෙකුට නොපෙනෙන ලෙස ආරක්ෂිතව සැඟවී සිටිමින් වැඩ කටයුතු කිරීම සඳහා සජීව විජේවීර මහතාට  එම අමාත්‍යංශයේ මුළුතැන්ගෙයි පහසුකම් සලසාදීමට ද ප්‍රියංකර වික්‍රමසේකර මහතා කටයුතු යොදා තිබේ.සුපුරුදු පරිදි ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට බ්‍රහස්පතින්දා (12) ද පැමිණි සජීව විජේවීර මහතා මුළු දහවල් කාලයම එම අමාත්‍යංශයේ මුළුතැන්ගෙයි ගත කරමින් ප්‍රියංකර වික්‍රමසේකර මහතාගේ වැඩ කටයුතුවලට සහයෝගය දී ඇති අතර ප්‍රියංකර වික්‍රමසේකර මහතා,සජීව විජේවීර මහතාට දැනුම් දී තිබෙන්නේ සියලු ප්‍රශ්න තමා බලා ගන්නා නිසා බියකින් සහ සැකයකින් තොරව වැඩ කටයුතු ඉදිරියටම කර ගෙන යන ලෙසය.

ජන මාධ්‍ය විෂය සම්බන්ධයෙන් කිසිදු දැනුමක්,පළපුරුද්දක් හෝ අත්දැකීමක් නොමැති, ව්‍යාපාරිකයෙකු පමණක් වන ප්‍රියංකර වික්‍රමසේකර මහතාව  ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් සිය මාධ්‍ය ලේකම්වරයා ලෙස පත් කර ගෙන සිටින්නේ පෞද්ගලික හිතවත්කම මතය.මැදි විය ද ඉක්මවා යමින් සිටියත් තවමත් අවිවාහකව සිටින මොහු ඇමතිවරයාගේ සහ ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනැගෙන අයුරින් ජන මාධ්‍ය මෙහෙයවමින් මාධ්‍ය ප්‍රචාරය ලබා ගැනීමේ සිය වගකීම සහ රාජකාරිය හැරුණු කොට අනෙකුත් සියල්ල කරන අතර විශේෂයෙන් සිදු කරන්නේ ව්‍යාපාරික සහ දේශපාලන මට්ටමේ විවිධ කූට ගනුදෙනුය.

දැන්වීම

සජීව විජේවීර මහතාට එල්ල වී ඇති රුපියල් කෝටි ගණනක මහා පරිමාණ මුල්‍ය වංචාව සහ කූට ලේඛණ සකස් කිරීම ඇතුළු චෝදනාවලට අදාළව ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ  ලේකම්වරයා මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ බරපතළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලදුව එම දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

කෙසේ නමුත් මේ පරීක්ෂණ සඳහා ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ නොමසුරු සහයෝගයක් නොලැබෙන අතර ඔහු සිය ගාලු දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩ කටයුතු සඳහා සජීව විජේවීර මහතාව යොදා ගෙන සිටින අතර සජීව විජේවීර මහතා බ්‍රහස්පතින්දා (12) ද වජිර අබේවර්ධන මහතාගේ කොළඹ පිහිටි නිල නිවසට ගොස් ඔහු හමුවී සාකච්ඡා කර තිබේ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ලක්ෂ ගණනනක් හොරා කෑ සජීව විජේවීරට ස්වදේශ ඇමතිගේ මාධ්‍ය ලේකම් රැකවරණය දෙයි..! | Lanka Newsweek