ලක්ෂ්මන් යාපා හිටපු ජනපති හමුවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතර විශේෂ හමුවක් හිටපු ජනාධිපතිවරයාගේ තංගල්ල “කාල්ටන්” නිවසේදී ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතර විශේෂ හමුවක් හිටපු ජනාධිපතිවරයාගේ තංගල්ල “කාල්ටන්” නිවසේදී ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිදු වී තිබේ.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම් දීමකට අනුවය.
ඒ අනුව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් සමග ඉදිරියේදී ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් එහිදී මහින්ද රාජපක්ෂ මහතා හමුවේ කරුණු පැහැදිලි කර තිබේ.