අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලක්ෂ්මන් කිරිඇල්ලටයි-ෂාමෙන් කිරිඇල්ලටයි නීතීඥ සංගමයෙන් උපහාර

ලක්ෂ්මන් කිරිඇල්ලටයි-ෂාමෙන් කිරිඇල්ලටයි නීතීඥ සංගමයෙන් උපහාර

නීතීඥ වෘත්තියට අවුරුදු 50යි නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැප වුණා නීතිඥ වෘත්තියේ වසර 50ක කාලයක් සම්පූර්ණ කරමින් නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය සහ සමාජ…

නීතීඥ වෘත්තියට අවුරුදු 50යි 

නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැප වුණා 

නීතිඥ වෘත්තියේ වසර 50ක කාලයක් සම්පූර්ණ කරමින් නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන්  කිරිඇල්ල මහතාට සහ ඒ මහතාගේ භාර්යාව වන නීතීඥ ශාමේන් කිරිඇල්ල මහත්මියට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ගෞරව උපහාර පිරිනැමිණ.

අධි නීතීඥ ලක්ෂ්මන්  කිරිඇල්ල සහ නීතීඥ ශාමේන් කිරිඇල්ල යන මහත්ම මහත්මීන් මෙසේ සම්මානයට පාත්‍ර වූයේ, නීතිඥ වෘත්තියට වසර 50ක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨයන් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් කොළඹ ගලදාරී හෝටලයේ සංවිධානය කෙරුණු විශේෂ උත්සව සභාවේ දී ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් කොළඹ ගලදාරි හෝටලයේ දී සංවිධාන කෙරුණු මෙම උත්සවය අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස පැවති අතර එම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

දශක පහක කාලයක් පුරා නීතිඥයන් වශයෙන් නීතියේ පරමාධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය, සමාජ සාධාරණත්වය සහ පුරවැසි සමාජය වඩාත් සදාචාරවත් කිරීම උදෙසා දැක්වූ දායකත්වය වෙනුවෙන් අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට සහ නීතිඥ ශාමේන් කිරිඇල්ල මහත්මියට මෙම සම්මාන ලැබී ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලක්ෂ්මන් කිරිඇල්ලටයි-ෂාමෙන් කිරිඇල්ලටයි නීතීඥ සංගමයෙන් උපහාර | Lanka Newsweek