අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලංවිම ට දිගටම ඉන්ධන දෙන්න ඛණිජතෙල් නීතිගත සංස්ථාව එකඟවෙයි..!

ලංවිම ට දිගටම ඉන්ධන දෙන්න ඛණිජතෙල් නීතිගත සංස්ථාව එකඟවෙයි..!

(නායක බණ්ඩාර) විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ලබාගැනීම පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. විදුලි ජනනයට ඉන්ධන සපයා රුපියල් කෝටි 8000 ක ණය මුදලක්…

(නායක බණ්ඩාර)

විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ලබාගැනීම පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

විදුලි ජනනයට ඉන්ධන සපයා රුපියල් කෝටි 8000 ක ණය මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයෙන් අයකර ගැනීමට ඇති බැවින් එම ණය මුදල හෝ ඉන් කොටසක් වහාම නොගෙවන්නේනම් ඉන්ධන සැපයීම නතර කිරීමට සිදුවන බවට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට අනතුරු අඟවා තිබිණි.

දැන්වීම

විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසන්නේ මුදල් අමාත්‍යාංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය හා අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඛනිජ තෙල් සංස්ථාව වෙත ගෙවීමට ඇති මුදල් හැකි ඉක්මණින් පියවා දැමීමටත්, එතෙක් විදුලි නිෂ්පාදනය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබාදියයුතු ඉන්ධන ලබාදීමටත් ඛනිජ තෙල් සංස්ථාව සමග එකඟතාවයකට පැමිණීමටත් හැකියාව ලැබුණු බවයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලිය නිපදවීම සදහා වැඩි වශයෙන් තාප විදුලි බලාගාර උපයෝගී කරගැනීමට සිදුවන බවයි. ඒ හේතුවෙන් ඉන්ධන වැඩි වශයෙන් ලබාගැනීමට සිදු වූ බවත්, එමනිසා ලංකා විදුලබල මණ්ඩලයට ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබා දී තිබෙන රු. බිලියන 80 ක ණය සීමාව ඉක්මවා ගිය බවත් සුලක්ෂන ජයවර්ධන මහතා වැඩිදුරටත් පැහැදිළි කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලංවිම ට දිගටම ඉන්ධන දෙන්න ඛණිජතෙල් නීතිගත සංස්ථාව එකඟවෙයි..! | Lanka Newsweek