රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම වහා ආරම්භ කරනු

එය තවදුරටත් පමා කිරීම මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා - විපක්ෂ නායක කාර්යාලය ඔම්බූඩ්ස්මන්ට් කෙනෙක් වගේ දුක්ගන්නාරාල කෙනෙක් වගේ විවිධ පාර්ශ්වවල…
එය තවදුරටත් පමා කිරීම මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා -
විපක්ෂ නායක කාර්යාලය ඔම්බූඩ්ස්මන්ට් කෙනෙක් වගේ දුක්ගන්නාරාල කෙනෙක් වගේ විවිධ පාර්ශ්වවල දුක්ගැනවිලි ගැටලු හඳුනා ගෙන ඒවාට විසඳුම් ලබා දීමට විවිධ පාර්ශ්ව වෙත යොමු කරන බවත් සම සෞඛ්‍ය ක්ෂේත්‍රයේද ගැටලු තිබූ නිසා ඒවාද අදාළ පාර්ශ්ව වෙත යොමු කළ බවත් සම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව පේරාදෙණිය, කොළඹ, ජයවර්ධනපුර, නැගෙනහිර, යාපනය සහ රුහුණ යන විශ්වවිද්‍යාල 6කට බඳවා ගැනීම් කරන බවත් මේ වන විට රුහුණ හැරුණු කොට අනෙකුත් විශ්වවිද්‍යාලවලට ඉසෙඩ් ස්කෝර් මත පදනම්ව රුහුණේ 250 හැරුණු කොට බඳවා ගෙන හෙද, වෛද්‍ය රසායනාගාර, ඖෂධවේදී ආදී උපාධිවලට පුහුණු වෙන බවත් මේ වන විට රුහුණේ 17 වැනි කණ්ඩායම පමණක් බඳවා ගෙන නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ ක්ෂේත්‍රය බාර පීඨාධිපතිවරයා කියූ කරුණු අනුව සමස්තයක් ලෙස සිසුන් 1053ක් සිටින අතර ශිෂ්‍ය සහ ආචාර්යවරුන් අනුපාතය 10ට 1ක් තිබිය යුතු බවත් අධ්‍යයන කාර්ය මණ්ඩලය 105ක් තිබිය යුතු වුවත් දැනට 43ක් සහ ඉගැන්වීම් සදහා දැනට ඉන්නේ 26 දෙනකු බවත් හෙද ක්ෂේත්‍රයේ 66ක් සිටිය යුතු තැන ගුරුවරු 10ක් සිටින බවත් සිසුන් 663ක් ද සිටින බවත් පශ්චාත් උපාධි පුහුණුවට යම් ප්‍රමාණයක් විදේශ ගත වන අතර ඒ අතරින් යම් පිරිසක් නැවත නොපැමිණෙන බවත් පේරාදෙණිය කොළඹ ජපුර නැගෙනහිර හා යාපනය යන විශ්වවිද්‍යාවල අධ්‍යයන කටයුතු සදහා 2025 ජනවාරි බදවා ගෙන ඇති නමුත් රුහුණු සිසුන් 250ට තවමත් කිසිවක් සිදු නොවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය 30 වැනි දා හේෂා විතාන මහතාගේ සභාපතීත්වයෙන් යුත් අධ්‍යාපනයල මිනිස්බලය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව හමුවේ රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමේ ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.
දැන්වීම
මේ දරුවන් බඳවා ගෙන ආරම්භ කිරිමට අන්තර්කාලීන වැඩපිළිවෙළකට යොමුවන ලෙසත් කොන්ත්‍රාත් පදනම මත හෝ බඳවා ගැනිම් සිදු කර ගුණාත්මකභාවය ආරක්ෂා කර ගෙන ඉගැන්වීම් කරන ලෙසත් මොවුන්ගේ මූලික හා මානව අයිතිය උල්ලංඝනය නොකර සාධනීය විසඳුමක් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අවස්ථාවේ වැරදි සොයන්නේ නැතිව විසඳුම් ලබා දෙන ලෙසත් මේ අවස්ථාවේ වැදගත් වන්නේ විසඳුම් නිසා ඒ සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමු කරන ලෙසත් විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින බුද්ධි ගලන ගැටලු තිබුණත් මේ දරුවන් 250 දෙනාට විසදුමක් ලබා දිය යුතු බවත් මොවුන්ගේ අනාගතය විනාශ කරන්න ඉඩ දිය නොහැකි බවත් ඔවුන්ට සාධාරණ කාලයක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා නාලක කලුවැව මහතා (අධ්‍යාපන ලේකම්-අයාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය), විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය තිලක් වීරරත්න මහතා සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඉමේන්ද්‍ර කොටපොල මහතා ද එක්විය.