අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රුවන්-වජිර ගැටෙති

රුවන්-වජිර ගැටෙති

අකිලගේ සහයෝගයත් රුවන්ට සාගලටත් ලොකු විරෝධයක් එල්ල වෙලා "වජිරට ඕනෑ ආකාරයට එජාපය මෙහෙය වන්න ඉඩ දෙන්න බැහැ" රුවන්-අකිල රනිල්ට පැමිණිලි කරලා (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර…

අකිලගේ සහයෝගයත් රුවන්ට 

සාගලටත් ලොකු විරෝධයක් එල්ල වෙලා 

"වජිරට ඕනෑ ආකාරයට එජාපය මෙහෙය වන්න ඉඩ දෙන්න බැහැ"

රුවන්-අකිල රනිල්ට පැමිණිලි කරලා 

රුවන්-වජිර ගැටෙති

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති සාගල රත්නායක යන මහත්වරුන්ගේ ක්‍රියා කලාපයට එරෙහිව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ උප නායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් පක්ෂ අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් පළ කරමින් සටනක් ආරම්භ කර තිබේ.

මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ, එක්සත් ජාතික පක්ෂයේ ධූරාවලියට අනුව ඒ ඒ තනතුරු සඳහා ව්‍යවස්ථානු ප්‍රකාරව ලැබී තිබෙන බලතල, වගකීම් සහ කාර්ය භාරයන් ඉක්මවා යමින් එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති සාගල රත්නායක යන මහත්වරුන්ගේ සිය අභිමතය පරිදි  එක්සත් ජාතික පක්ෂය මෙහෙය වමින් සිටීමය. 

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිලි කරමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ උප නායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් තරයේ අවධාරණය කර තිබෙන්නේ, වජිර අබේවර්ධන සහ සාගල රත්නායක යන මහත්වරුන්ට අවශ්‍ය පරිදි එක්සත් ජාතික පක්ෂය මෙහෙය වීමට ඉඩ දිය නොහැකි බවය.

දැන්වීම

මේ ප්‍රශ්නය වහාම විසඳන ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති රුවන් විජයවර්ධන සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු මේ වන විට පක්ෂයේ වැඩ කටයුතුවලින් ඈත් වී හුදෙකලාව සිටිති.  

රුවන්-වජිර ගැටෙති

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රුවන්-වජිර ගැටෙති | Lanka Newsweek