අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රුවන් ප්‍රධාන එජාප කළමනාකරණ කමිටුවට ජනපති දෙහි කපයි

රුවන් ප්‍රධාන එජාප කළමනාකරණ කමිටුවට ජනපති දෙහි කපයි

ජනපති කළමනාකරණ කමිටුවෙන් නැගිට යයි එජාපයේ උන්නතිය වෙනුවෙන් ජනපති පැවරූ වගකීම් කමිටුව පැහැර හැරලා "කළමනාකරණ කමිටුව කයිවාරු ගහනවා විතරයි-වැඩ නැහැ" යම් ප්‍රගතියක් ඇත්තේ දිස්ත්‍රික් 4-5 ක විතරයි-ඒ රංගේ…

ජනපති කළමනාකරණ කමිටුවෙන් නැගිට යයි 

එජාපයේ උන්නතිය වෙනුවෙන් ජනපති පැවරූ වගකීම් කමිටුව පැහැර හැරලා 

"කළමනාකරණ කමිටුව කයිවාරු ගහනවා විතරයි-වැඩ නැහැ"

යම් ප්‍රගතියක් ඇත්තේ දිස්ත්‍රික් 4-5 ක විතරයි-ඒ රංගේ නිසා

එජාප නියෝජ්‍ය නායක "Fail"..!  


එක්සත් ජාතික පක්ෂය දේශපාලන වශයෙන් ශක්තිමත් කරමින් නගා සිටුවා පාක්ෂිකයින් ප්‍රධාන මහා ජනතාව අතරට ගෙන ගොස් ජයග්‍රහණය කරා මෙහෙය වීමට එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රධාන කළමනාකරණ කමිටුව අපොහොසත් වී සිටීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කමිටුවට දැඩි චෝදනාවක් එල්ල කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී කළමනාකරණ කමිටුව ගෙවුණු සතියේ දී රැස් වී ඇති අතර පක්ෂය විජයග්‍රහණය කරවීම සඳහා තමා එම කමිටුවට පැවරූ වගකීම් සහ කාර්ය භාරයන් එම කමිටුව සම්පූර්ණයෙන්ම පැහැර හැර ඇති බව එහිදී ජනාධිපතිවරයාට අවබෝධ වී ඇත.

එක්සත් ජාතික පක්ෂය යම් ප්‍රගතියක් වාර්තා කර ඇත්තේ දිස්ත්‍රික් හතරක-පහක පමණක් වන අතර ඒ ප්‍රගතිය ලබා ඇත්තේ ද එම පක්ෂයේ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ නායකත්වය, මෙහෙය වීම සහ ක්‍රියා මාර්ග යටතේ පමණය.

දැන්වීම

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු කළමනාකරණ කමිටුවේ අසාර්ථකත්වය, නොහැකියාව සහ වගකීම් පැහැර හැරීම හෙළි වීමත් සමග සියලු දෙනාට චෝදනා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහාම එම කමිටු රැස්වීමෙන් නැගිට ගොස් ඇත.

අනතුරුව හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන ඇමතිවරුන් තමා හමුවට කැඳවා ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමග කියා තිබෙන්නේ කළමනාකරණ කමිටුව කයිවාරු ගහනවා විනා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම සඳහා තමා පැවරූ වගකීම් කිසිවක් ඉටු කර නොමැති බවය.   
.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න