අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රු.මිලියන 17 අධික වටිනා විදෙස් මුදල් සමග ලාංකිකයින් 2ක් රේගු දැලේ..!

රු.මිලියන 17 අධික වටිනා විදෙස් මුදල් සමග ලාංකිකයින් 2ක් රේගු දැලේ..!

(නිලන්ති චන්ද්‍රසේන) රුපියල් 17,713,793ක් වටිනා විදෙස් මුදල් ද ඇතුළුව මුදල් තොගයක් සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු භාරයට පත්වී තිබේ. එම මුදල් නීති විරෝධී ලෙස…

(නිලන්ති චන්ද්‍රසේන)

රුපියල් 17,713,793ක් වටිනා විදෙස් මුදල් ද ඇතුළුව මුදල් තොගයක් සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී  රේගු භාරයට පත්වී තිබේ.

එම මුදල් නීති විරෝධී ලෙස චීනයට ගෙනයාමට උත්සහ කරද්දී මෙලෙස අත්අඩංගුවට ගත් බව රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා  43 හැවිරිදි සහ 32 හැවිරිදි අකුරණ සහ පාමංකඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

මේ සම්බන්ධයෙන්  මේ වන විට වැඩිදුර පරීක්ෂණ කටයුතු කරමින් සිටින බව රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා වැඩිදුරටත්සඳහන් කර සිටි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රු.මිලියන 17 අධික වටිනා විදෙස් මුදල් සමග ලාංකිකයින් 2ක් රේගු දැලේ..! | Lanka Newsweek