අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රුපියල් 17000ක් බැගින් අපි සියලුදෙනාම දැන් ණයකාරයෝ

රුපියල් 17000ක් බැගින් අපි සියලුදෙනාම දැන් ණයකාරයෝ

ආණ්ඩුව ඇවිල්ලා මාසයයි. රාජ්‍ය සේවකයින් බලාපොරොත්තු සුන්වෙන තැනකට පත්වෙලා වත්මන් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අවම වශයෙන් සහල් කිලෝවක මිලවත් නොදන්නා අය බව හිටපු…

ආණ්ඩුව ඇවිල්ලා මාසයයි. රාජ්‍ය සේවකයින් බලාපොරොත්තු සුන්වෙන තැනකට පත්වෙලා

වත්මන් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අවම වශයෙන් සහල් කිලෝවක මිලවත් නොදන්නා අය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

“මේ ආණ්ඩුව ඇවිල්ලා මාසයක් වෙනවා දැන්. රාජ්‍ය සේවකයින් අද බලාපොරොත්තු සුන්වෙන තැනකට පත්වෙලා. මේ මාසෙට පමණක් කෝටි 41900ක් අරගෙන තියෙනවා ණය විදියට. රුපියල් 17000ක් බැගින් අපි සියලුදෙනාම දැන් ණයකාරයෝ බවට පත්වෙලා තියෙනවා අලුත් ආණ්ඩුව යටතේ. අපි දකින්නෙ කාරණා දෙකයි. එකක්, මෙච්චර කාලයක් ජනාධිපතිවරු එනකොට ආරක්ෂක අංශයෙන් දොර ඇරියා ජීප් එකේ, ඒ වෙනුවට අනුර දිසානායක සහෝදරයා තමන්ම දොර ඇරගෙන එළියට එනවා. දෙවැනි එක, ඔහු වටේ තිබිච්ච පාරවල් ටික ඇරියා. අඩුම තරමින් හාල් කිලෝ එකක මිල දන්නෙ නෑ ඡන්දෙ ඉල්ලන අපේක්ෂකයො. කොහෙද මේ අය ජීවත් වෙන්නෙ ? මේ අය නම් පාර්ලිමේන්තුවට එන්නෙ පාර්ලිමේන්තුවට දෙයියන්ගෙම පිහිටයි”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ [25] වැනිදා හෙට්ටිපොල ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ ප්‍රචාරක රැලියක් අමතමිනි.

රුපියල් 17000ක් බැගින් අපි සියලුදෙනාම දැන් ණයකාරයෝ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න