රුපියල් බිලියන 18 ගල් අගුරු වංචාවේ පාඩුව ගෙවන්න වුණේ රටේ ජනතාවටයි
-විපක්ෂ නායක චෝදනා කරයි-

ආණ්ඩුව අඛණ්ඩ විදුලිය දෙනවා කියා බලයට පැමිණ දැන් විදුලි කප්පාදුවක් ක්රියාත්මක කරන බවත් මෙයට හේතුව ගල් අගුරු වංචාව හරහා රු. බි. 18ක පාඩුවක් සිදුවු නිසා බවත් නොරොච්චෝලේ බලාගාරයේ ඒකක 3න් මෙගාවොට් 300 බැගින් මෙගාවොට් 900ක් නිර්මාණය කළත් අද මේ බාල ගල් අගුරු නිසා මේ ඒකක 3 බිදවැටී ඇති බවත් අද මේ පාඩුව ගෙවන්න සිදුව ඇත්තේ 61 ලක්ෂයක් ගෘහයන් වල සිටින 81 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයන්ට බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
දැන්වීම
විපක්ෂ කතා කරන්නේ කෑ ගහන්නේ රටේ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් බවත් ආණ්ඩුව ජනතාවට වුණු පොරොන්දු ඉටු කරවීමට බවත් විපක්ෂ නායකවරයා පැවසූ සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුව අමතමිනි.
තවත් සුබ ආරංචියක් ගෙනාව නේද..?
අඟහරුවාදා (20) මැදියම් රැයේ සිට රටේ ජනතාවට සුබ ආරංචියක් ගෙනවිත් තිරිගු පිටි මිල රු. 13කින් වැඩි කළ බවත් පිට ආශ්රිත නිෂ්පාදන පාන් සහ බේකරි නිෂ්පාදනයට මෙය බලපාන බවත් මිල වැඩි කිරීමෙන් ජනතාවට සහන දෙන ක්රමවේදය හිතාගත නොහැකි බවත් මෙය වතු ප්රජාවට එල්ල කළ මරු පහරක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂය කෑ ගහන්නේ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න
ආහාර වියදම්වලට වැඩි මුදලක් වැය කරන විට ආහාර නොවන වියදම්වලට මුදල් වැය කිරීම අඩු වී පාසල් දරුවන්ට මෙය බලපාන බවත් විපක්ෂය කෑ ගහන්නේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
මේ ආණ්ඩුව විශ්රාමිකයන් පවා අනාථ කළා
ඊයේ පොල්දූව මංසන්ධියේ දී 154000ක් විශ්රාමිකයන් නියෝජනය කරමින් පිරිසක් උද්ඝෝෂණය කළ බවත් 2020-2024 විශ්රාම ගිය ප්රජාවගේ හිග වැටුප් හා දීමනා කප්පාදු කර ඇති බවත් මුදල් අමාත්යාංශයේ නිලධාරීවරයකු විශ්රාම ගිය අවස්ථාවේ පවා මේ හිග වැටුප් හා දීමනා දුන්නත් මේ විශ්රාමිකයන්ගේ හිග වැටුප් හා දීමනා කප්පාදු කර ඇති බවත් ජනාධිපතිවරයා මැතිවරණ සමයේ විශ්රාමික සමුළුවක් පවත්වා මොවුන්ගේ ඉල්ලීම් ඉටු කරනවා යැයි පැවසුවත් මේ සියල්ල කඩ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද උපාධිධාරීන් මහ පාරේ
අද 80000ක් රැකියා විරහිත උපාධිධාරීන් සිටින බවත් තවත් 16000ක් ගුරු සංවර්ධන නිලධාරීන් සිටියත් ඔවුන්ට පොරොන්දු වූ ගුරු සේවයට ඇතුළත් වීමේ පොරොන්දුව ක්රියාත්මක නොකරන බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් තුළ උපාධිධාරීන්ට දෙනවා කියූ රැකියා නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ක්ෂුද්ර කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරිකයන් පවා අනාථයි
ක්ෂුද්ර කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරිකයන් හා ව්යවසායකයන් වෙනුවෙන් සහන ලබා දෙන්න විශාල මුදලක් වෙන් කරා යැයි පැවසුවත් මේ මුදල් ලබා දෙන්නේ බැංකු මගින් නිසා ආසාධු ලේඛනගත වූ ව්යවසායකයන්ට මේ මුදල් නොලැබෙන බවත් ඛේදවාචක 6කට මුහුණ දුන් ව්යවසායකයන්ට කර්මාන්තකරුවන්ට මේ මුදල් නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ආයුර්වේද වෛද්ය ක්ෂේත්රයත් විනාශයි
අද වන විට දේශීය ආයුර්වේද වෛද්ය ක්ෂේත්රය සිද්ධි යූනානි හෝමියෝපති වෛද්ය ක්ෂේත්ර පවා කඩා වැටි ඇති බවත් මේ ක්ෂේත්ර කර ගෙන යන්න රාජ්ය මැදිහත්වීම ඉල්ලා සිටියත් රජයේ නොහැකියාව නිසා මේ අංශ කඩා වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය දන්නේ පොරොන්දු කඩ කරන්න විතරයි
සෑම අතකින්ම මේ රජය දිනපතා ලබා දුන් පොරොන්දු කඩ කර ඇති බවත් වරායේ ගොඩබාන මිලට තෙල් නොමැති බවත් ජනවරම තුළ වරායේ ගොඩබාන මිලට කොමිස් නැතිව දෙනවා කියූ තෙල් නොමැති බවත් 33%ක් විදුලි බිල අඩු කරනවා කිව්වත් අද එය නොමැති බවත් මේ රජය කළේ දිගින් දිගටම ජනතාව රැවටිම බවත් අලුත් අයි.එම්.එෆ්. ගිවිසුමකට යනවා කිව්වත් එයද නොකළ බවත් ජනතාව දුන්නේ පවතින අයි. එම්. එෆ්. ගිවිසුම වෙනස් කරන්න වුවත් අද එය සිදු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වත් ජනතාවට යුතුකම් ඉටු කරන්න
රටේ ජනතාව රවටපු අන්දවපු ජනතාවගේ සම්පත් කොල්ලකන ආණ්ඩුවක් අද රටේ ඇති බවත් ඒ නිසා දැන්වත් ජනතාව යුතුකම් ඉටු කර යුක්තිය සාධාරණත්වය ඉටු කළ යුතු බවත් සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය රටේ ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික හා ආගමික අයිතිය ඇතුළු සුබසාධන සේවා අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න කැපවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය