අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රිළවුන් සහ දඬු ලේනුන් නිසා වසරකට සිදු වන පාඩුව කෝටි 300ක්

රිළවුන් සහ දඬු ලේනුන් නිසා වසරකට සිදු වන පාඩුව කෝටි 300ක්

රිළවුන් සහ දඬු ලේනුන් නිසා වසරකට වගාවන්ට සිදු වන හානිය රුපියල් කෝටි 3000ක් යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා හෙළිදරව් කර සිටියි. 2022 පළමු මාස හයේ දී පමණක් රිළවුන් සහ දඩු ලේනුන් පොල් ගෙඩි මිලියන…

රිළවුන් සහ දඬු ලේනුන් නිසා වසරකට වගාවන්ට සිදු වන හානිය රුපියල් කෝටි 3000ක් යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා හෙළිදරව් කර සිටියි. 

2022 පළමු මාස හයේ  දී පමණක් රිළවුන් සහ දඩු ලේනුන් පොල් ගෙඩි මිලියන 93 ක් විනාශ කර ඇතැයිද කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි. 

රිළවු චීනයට යැවීම සාමාන්‍ය වෙළෙඳ ගනුදෙනුවක් ලෙස ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ඉඩ තිබූ බව ද කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. 

දැන්වීම

රිළවුන් චීනයට යැවීම සම්බන්ධ සාකච්ඡාව අවාසනාවකට මාධ්‍ය අතරට ගිය බවත්, එම කතාව මාධ්‍ය අතරට නොගියා නම් හොඳයි යැයි තමා සිතන බවත්, මේ නිසා අද වන විට විවිධ සත්වලෝලීන් සහ පරිසරවේදීන් චීන තානාපති කාර්යාලයට බලපෑම් කිරීම නිසා එම තානාපති කාර්යාලයට මාධ්‍ය නිවේදන පවා නිකුත් කිරීමට සිදුව ඇති බවත් ඇමැතිවරයා සඳහන් කරයි. 

චීනයේ සත්වෝද්‍යාන විසි දහසකට වැඩි ප්‍රමාණයක් තිබෙන බවත්, චීනයේ පුද්ගලික සමාගමක් විසින් එරට සත්වෝද්‍යාන සඳහා යැවීමට රිළවුන් ඉල්ලා සිටි බවත් මහින්ද අමරවීර ඇමැතිවරයා පවසයි.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රිළවුන් සහ දඬු ලේනුන් නිසා වසරකට සිදු වන පාඩුව කෝටි 300ක් | Lanka Newsweek