අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රෑ ගත්ත තීන්දුව ජනපති උදේ වෙනස් කරයි..!

රෑ ගත්ත තීන්දුව ජනපති උදේ වෙනස් කරයි..!

එජාපය එක්ක ඉදිරි ගමනක් නෑ (සුජිත් මංගල ද සිල්වා) කැබිනට් මණ්ඩල සංශෝධනයක් ඇතුළු ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරමින් යහ පාලන ජාතික රජය 2020 වන තුරු ඉදිරියට ගෙන යාමටත් පළාත් පාලන ආයතනවල බලය එක්සත් ජාතික…

එජාපය එක්ක ඉදිරි ගමනක් නෑ

(සුජිත් මංගල ද සිල්වා)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් ඇතුළු ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරමින් යහ පාලන ජාතික රජය 2020 වන තුරු ඉදිරියට ගෙන යාමටත් පළාත් පාලන ආයතනවල බලය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමටත් ඊයේ (11) රාත්‍රියේ ගත් තීන්දුව අද (12) උදේ  වන විට වෙනස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

මේ තීරණය ගනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඊයේ (11) රාත්‍රියේ මුහුණට මුහුණ පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදීය.

දැන්වීම

මෙහිදී නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති උපදේශක නීතීඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වී තිබේ.

එහිදී පැමිණි පොදු එකඟතාවයට අනුව කරුණු පැහැදිලි කරමින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට උපදෙස් දී තිබූ අතර ඒ අනුව රාජිත සේනාරත්න මහතා අදාළ මාධ්‍ය නිවේදනය ඒ මොහොතේම සකස් කර නිකුත් කර ඇත.

කෙස් නමුත් අද (12) උදැසන දොස්තර රාජිත සේනාරත්න මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමග තව දුරටත් ඉදිරියට යන්න තමා සූදානම් නොමැති බවය.එම නිසා අදාළ මාධ්‍ය නිවේදනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වන්න යැයි ද ඒ බව එක්සත් ජාතික පක්ෂයට දැනුම් දෙන්න යැයි ද  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජිත් සේනාරත්න මහතාට නියග කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රෑ ගත්ත තීන්දුව ජනපති උදේ වෙනස් කරයි..! | Lanka Newsweek