අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රැස්වීම්වලට යන ජනපතිටයි අගමැතිනියටයි එකම බොරුවවත් හරියට කියා ගන්න බැහැ

- විපක්ෂ නායක -

සජිත් ප්‍රේමදාස

අවම වශයෙන් වේදිකාවට නගින්න පෙර ජනාධිපතිවරයාට සහ අගමැතිනියට කතා බහ කර ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබා දෙන්න අවශ්‍ය උත්තර සපයන්න නොහැකි වී ඇති බවත් මේ අවස්ථාවේ අගමැතිනියගෙන් හෝ ජනාධිපතිවරයාගෙන් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර නොලැබෙන බවත් දෙන්න හරියට කතා වෙලා එක පචය හරි කිව යුතු වුවත් ජනාධිපති සහ අගමැති කතා දෙකක් කියමින් යන බවත් මේ රට පාලනය කරන්නේ ටොම් පච ආණ්ඩුවක් කියා පෙරපාසල් ළමයා පවා දන්නා බවත් පුළුවන් නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස අභියෝග කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

දැන්වීම

විපක්ෂයේ සිට කම්කරුවා සමග මහ පාරේ වීදි සටන් කොට ආණ්ඩු බලය ලබා ගෙන දැන් ආණ්ඩුව කැටි වළාකුළු සහ කෙදි වලාකුළුවලට සිට කියන බහුබූත ලක්ෂ 220ක් ජනතාව අහන් ඉන්න බවත් උද්ධමනය ඉහළ ගොස් ජීවන වියදම ජිවන බර වැඩි වී ඇති බවත් දුප්පත්කම බහුමාන දරිද්‍රතාවක් බවට පත්ව අඩුආදායම් පවුල් පීඩනකාරී භාවයට පත් වීම සම්බන්ධයෙන් රජයේ උත්තර දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආහාර මිල ඉහළ යාම පෝෂණ ගැටලු නිර්මාණය වීම මන්දපෝෂණය වැඩි වීමට ඇති විසදුම් සම්බන්ධයෙන් රජය සතු වැඩපිළිවෙළ ඉදිරිපත් කළ යුතු බවත් වැටුප් ආදායමේ ක්‍රයශක්තිය පහළ වැටී එදා ලබා ගත හැකි භාණ්ඩ ප්‍රමාණය අද අඩු වී ඇති බවත් ඉන්ධන මිල ඉහළ යාම නිෂ්පාදන පිරිවැය ඉහළ යාම විදුලි ගාස්තු වැඩි වීම ආදිය සිදුවන බවත් තවත් ඉදිරියටත් විදුලි බිල වැඩි කිරීමට නියමිත බවත් ටොම්පච දේශපාලනයෙන් බලය ගත් මේ රජයට අධික විදුලි බිල නිසා පීඩාවට පත් ජනතාවට උත්තර දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගෑස් මිල ඉහළ යාමට, ප්‍රවාහන ගාස්තු වැඩි වීමට, දෛනික ජීවන බර දරාගත නොහැකි වීමට රජයේ විසදුම් ඉදිරිපත් කරන ලෙසත් තේ කර්මාන්තය කඩා වැටී පිරිවැය ඉහළ ගොස් කෘෂිකර්මාන්තය කඩා වැටි ඇති බවත් ගොයම් කකා වී කිලෝවට රු. 150ක් දෙනවා කිව්වත් ගොවි ජනතාව අනාථ වී ඇති බවත් ඖෂධ හිගයක් වෛද්‍ය උපකරණ හිගයක් පවා රටේ ඇති නිසා පෞද්ගලික ෆාමසිවලින් පවා බෙහෙත් ගන්න සිදුව ඇති බවත් මේවාට රජය දෙන උත්තර දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම පාසල් උපකරණ මිල වැඩි වීමට රජයේ විසදුම් ඉදිරිපත් කරන ලෙසත් ආහාර අනාරක්ෂිතභාවයක් නිර්මාණය වීම නිසා දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ලබා දිය නොහැකි වී ඇති බවත් ආපදා තත්ත්වයක් නිර්මාණය වුවත් ඒවාට ද විසදුම් නොමැති බවත් ආර්ථික වර්ධනය ගැන කතා කළත් ආර්ථික වර්ධනය වී ඇත්තේ බිලියන පතියන්ගේ බවත් පුංචි මිනිසාට මැද පන්තියට තැනත් නොමැති නිසා වෘත්තීය වේදීන් රට අතහැර යාම නිසා බුද්ධි ගලයක් පවා සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද දළ දේශීය නිෂ්පාදනයට 52% දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කඩා වැටී ඇති බවත් ජනතාවගේ සමාජ හා ආර්ථික ආරක්ෂණය බිද වැටී ඇති බවත් දුප්පත්කමේ පීඩනයෙන් අසහනයෙන් මැද පන්තිය ඇතුළු සමස්ත සමාජ ස්ථරයම අස්ථාවර වී ඇති බවත් ආර්ථික සමාජීය ව්‍යවසනයකට මුහුණ දුන්නත් රජයට විසදුම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රැස්වීම්වලට යන ජනපතිටයි අගමැතිනියටයි එකම බොරුවවත් හරියට කියා ගන්න බැහැ | Lanka Newsweek