රාජිත ගියොත් සජබය ඉවරයි-සජිත්ගේ දකුණු අත හෙළි කරයි

තරුණ මන්ත්‍රීවරුන් බලා සිටින්නේ රාජිත ගන්නා තීන්දුව දෙසයි රාජිත එක්ක යන්න දැනටමත් දහයක් සූදානම් සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් සියලු දෙනා බලා සිටින්නේ එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
තරුණ මන්ත්‍රීවරුන් බලා සිටින්නේ රාජිත ගන්නා තීන්දුව දෙසයි
රාජිත එක්ක යන්න දැනටමත් දහයක් සූදානම්
සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් සියලු දෙනා බලා සිටින්නේ එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා ගැනීමට යන දේශපාලන තීන්දුව දෙස යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතිශය සමීපතමයෙකු "lankanewsweek" සමග පැවසීය.
සමගි ජන බලවේගයේ නයක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දකුණු අත ලෙස ක්‍රියා කරමින් ඔහු සමග තිස් වසරක් මුළුල්ලේ දේශපාලනය කරන මෙම ප්‍රබලයා සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයෙකු වශයෙන් ප්‍රබල දේශපාලන භූමිකාවක් රඟ දක්වන පුද්ගලයෙකි.
සජිත් ප්‍රේමදාස මහතාට ඔහු අතිශය හිතවත් වුණත්, සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ දේශපාලන පරිචයට සහ කියවීමට අනුව කරුණු විග්‍රහ කරමින් ඔහු කියා සිටියේ, දොස්තර රාජිත සේනාරත්න මහතා දේශපාලන තීන්දුවක් ගෙන ආණ්ඩුවට එකතු වුණොත් සමගි ජන බලවේගය ඉවරටේම ඉවර බවය.
රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එකතු වන්නේ නම් ඔහු සමග ආණ්ඩුවට යන්න මන්ත්‍රීවරුන් දස දෙනෙකු දැනටමත් සූදානමින් සිටින බව හෙළි කළ එම ප්‍රබලයා අනෙකුත් තරුණ මන්ත්‍රීවරුන් බලා සිටින්නේ ද රාජිත සේනාරත්න මහතා ගැනීමට යන දේශපාලන තීන්දුව දෙස යැයි ද වැඩි දුරටත් අවධාරණය කළේය.