රාජිතව උස්සන්න එජාපයෙන් ඇවිත්

සජිත් එක්ක බැහැ -හරීන්- රනිල්-මලික් යාළු වෙලා එජාප යටිබිම් ගත නියමුවා-දිනේෂ් වීරක්කොඩි යළි කරළියේ "සජබය...බලා ගෙනයි හොඳේ" සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට බිලී බා ගෙන එම පක්ෂය දෙකඩ…
සජිත් එක්ක බැහැ -හරීන්-
රනිල්-මලික් යාළු වෙලා
එජාප යටිබිම් ගත නියමුවා-දිනේෂ් වීරක්කොඩි යළි කරළියේ
"සජබය...බලා ගෙනයි හොඳේ"

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට බිලී බා ගෙන එම පක්ෂය දෙකඩ කිරීමේ මෙහෙයුමේ අලුත්ම නියමුවා ලෙස ක්‍රියා කරන්නේ එම පක්ෂයේ යටිබිම් ගත ප්‍රබල චරිතයක් වන දිනේෂ් වීරක්කොඩි මහතාය.
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා හමුවී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති දිනේෂ් වීරක්කොඩි මහතා, ඔහුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවට ගෙන යාමට අට වතාවක් උත්සහ කර ඇතත් රාජිත සේනාරත්න මහතා එම ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ.
දැන්වීම
කෙසේ නමුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ගණනාවක් සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර මේ වන විට සාධනීය සංවාදයක්, අවබෝධයක් සහ ශක්තිමත් සම්බන්ධයක් ගොඩනැගී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලන නායකයෙක් "lankanewsweek" සමග හෙළිදරව් කර සිටියේය.
සමගි ජන බලවේගයේ එම මන්ත්‍රීවරුන් අතර ප්‍රධාන තැනක් ගෙන සිටින්නේ, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර සහ කබීර් හෂීම් යන මහත්වරු වෙති. මේ අතර හිටපු ආණ්ඩුකාරවරුන් වන රජිත් කීර්ති තෙන්නකෝන්, මෛත්‍රී ගුණරත්න සහ අසාද් සාලි යන මහත්වරුන් වගේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු ද සමග හරීන් ප්‍රනාන්දු මහතා කියා තිබෙන්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ඉදිරි ගමනක් නොමැති බවය.
මේ අතර රනිල් වික්‍රමසිංහ සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්ගේ පරණ මිත්‍රත්වය මේ වන විට යළිත් තහවුරු වී ශක්තිමත් වී තිබෙන අතර මලික් සමරවික්‍රම, සාගල රත්නායක සහ දිනේෂ් වීරක්කොඩි යන මහත්වරුන්ගේ දේශපාලන උපාය මාර්ගය වී තිබෙන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ගණනාවක් එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගෙන එම පක්ෂය දෙකඩ කඩා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කර වීමය.

