අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රාජිතගෙන් සහ වඩිවෙල්ගෙන් නිදහසට කරුණු විමසයි

රාජිතගෙන් සහ වඩිවෙල්ගෙන් නිදහසට කරුණු විමසයි

මහා ජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් පහ කිරීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසන දිනයේ දී පාර්ලිමේන්තුවට නොපැමිණ එම අවස්ථාව මඟ හැරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි…

මහා ජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් පහ කිරීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසන දිනයේ දී පාර්ලිමේන්තුවට නොපැමිණ එම අවස්ථාව මඟ හැරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි දන්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දොස්තර රාජිත සේනාරත්න සහ වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් වෙත සමගි ජන බලවේගය ලිඛිතව දැනුම් දී තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් අත්සනින් යුතුව දොස්තර රාජිත සේනාරත්න සහ වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් වෙත යවා ඇති එම ලිපි අනුව ඔවුන් මේ සම්බන්ධයෙන් දින හතක් ඇතුළත දී පිළි ගත හැකි අයුරින් නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතු වේ.

මහා ජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් පහ කිරීමට අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ යුතු අතර එදිනට සියලුම මන්ත්‍රීවරුන් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු පැමිණිය යුතු බවට සමගි ජන බලවේගය ඒකමතිකව තීරණය කර තිබිණ.

දැන්වීම

රාජිතගෙන් සහ වඩිවෙල්ගෙන් නිදහසට කරුණු විමසයි

රාජිතගෙන් සහ වඩිවෙල්ගෙන් නිදහසට කරුණු විමසයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න