රාජ්‍ය සේවකයන් ලක්ෂ 3ක් ඉවත් කළත් ප්‍රශ්නයක් නැහැ

සියලු වැඩ ප්‍රශ්නයක් නැතිව පහසුවෙන්ම කර ගෙන යන්න පුළුවන් ලක්ෂ පහළොවකට ආසන්නව සිටින රාජ්‍ය සේවක සේවිකාවන් ලක්ෂ දොළහ දක්වා අඩු කරන්නේ නම් රාජ්‍ය සේවය ඉතාම පහසුවෙන් පවත්වා ගෙන යා හැකි බව රාජ්‍ය පරිපාලන,…
සියලු වැඩ ප්‍රශ්නයක් නැතිව පහසුවෙන්ම කර ගෙන යන්න පුළුවන්
ලක්ෂ පහළොවකට ආසන්නව සිටින රාජ්‍ය සේවක සේවිකාවන් ලක්ෂ දොළහ දක්වා අඩු කරන්නේ නම් රාජ්‍ය සේවය ඉතාම පහසුවෙන් පවත්වා ගෙන යා හැකි බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පවසයි.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතාගේ එම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ රාජ්‍ය සේවය රටට-ජනතාවට කෙතරම් බරක් වී තිබෙනවා ද යන්න පිළිබඳවයි විචාරකයෝ පෙන්වා දෙති.
මෙතෙක් කාලයක් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් සිදු කළේ පුරප්පාඩු තිබියදී නොව රජයේ විවිධ ප්‍රතිපත්තිමය තීරණ හරහා බව පෙන්වා දෙන එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා
දැන්වීම
වසරකට රාජ්‍ය සේවකයන් විසි දහසක් පමණ විශ්‍රාම ගන්නා අතර එදා සිට මේ දක්වාම පැවතුණේ එවැනිම ප්‍රමාණයක් නැවත රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමේ වැඩ පිළිවෙළක් යැයි ද ඔහු සඳහන් කළේය.
එහෙත් වත්මන් රජය යටතේ රාජ්‍ය වියදම අඩු කර ගැනීමේ වැඩ පිළිවෙළ හරහා රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සීමා කර තිබෙන අතර ඒ අනුව වසරකට රාජ්‍ය සේවකයන් විසි දහසක් පමණ විශ්‍රාම ගැනුණද නැවත රාජ්‍ය සේවය සඳහා එවැනි ප්‍රමාණයක් බඳවා ගැනීමක් සිදු නොකෙරෙන බව ද එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පෙන්වා දුන්නේය.
මෙම වැඩ පිළිවෙළ හරහා ඉදිරි වසර කිහිපයේ දී රාජ්‍ය සේවය ක්‍රමානුකූලව අඩු කර ගත හැකි බව ද රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා වැඩි දුරටත් පැවසීය.