රාජ්‍ය මධ්‍යයේ “Web God Father” මෙහෙයුම ඇරඹේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සමන් අතාවුද-ක්‍රිෂාන්ත කුරේ විසි වෙයි..! (සුජිත් මංගල ද සිල්වා) යහ පාලන ජාතික රජයේ දේශපාලන පණිවිඩය, රජය රට වෙනුවෙන් කර ඇති සේවය සහ අනාගත ගෝලීය ඉලක්ක පිළිබඳව ජනතාව අතරට නිවැරදිව වගේම සලසුම්සගතව යැවීම…
සමන් අතාවුද-ක්‍රිෂාන්ත කුරේ විසි වෙයි..!
(සුජිත් මංගල ද සිල්වා)
යහ පාලන ජාතික රජයේ දේශපාලන පණිවිඩය, රජය රට වෙනුවෙන් කර ඇති සේවය සහ අනාගත ගෝලීය ඉලක්ක පිළිබඳව ජනතාව අතරට නිවැරදිව වගේම සලසුම්සගතව යැවීම සඳහා රාජ්‍ය මාධ්‍ය වෙනුවෙන් උපදේශක තනතුරක් ඇති කිරීමට රජය තීරණය කර තිබේ.
සියලුම රාජ්‍ය මාධ්‍ය ආවරණය වන පරිදි ඇති කෙරෙන මෙම රාජ්‍ය මාධ්‍ය උපදේශක තනතුරට ශ්‍රී ලංකාවේ වෙබ් මධ්‍යයේ “God Father” ලෙස විරුදාවලිය ලබා සිටින රුවන් ෆෙර්ඩිනැන්ඩස් මහතා පත් කිරීමට ද නියමිතය.
රාජය මේ තීරණය ගෙන තිබෙන්නේ ස්වාධීන රුපවාහිනියේ හිටපු සභාපති සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතාගෙන් එම කාර්යභාරය ඉටු නොවුණු නිසා වගේම ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගෙන් මේ වන තුරුත් එම සේවය නිර්මාණාත්මකව සිදු නොවන නිසාය.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා එකට එක්ව කටයුතු කිරීමට මේ රාජ්‍ය මාධ්‍ය උපදේශකයාගේ වගකීම සහ කාර්ය භාරය වන්නේ ඒ ඒ ප්‍රවෘත්ති,විශේෂාංග,වාර්තා සහ සම්මුඛ සාකච්ඡා දේශපාලනික ඉදිරිපත් කිරීම වගේම විපක්ෂයෙන් එල්ල කෙරෙන චෝදනා සඳහා තාර්කිකව සහ දේශපාලනිකව උත්තර ලබාදීම සම්බන්ධයෙන් රජයේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වෙත උපදෙස් ලබාදීමය.
ඒ ඔස්සේ ජනතාව නිවැරදි සහ තාර්කික තොරතුරු වගේම දත්තවලින් සන්නද්ධ කර යහ පාලන ජාතික රජය වටා ශක්තිමත් ජන මතයක් ගොඩනැගීම ජනමාධ්‍ය අමාත්‍යංශයේ අරමුණ වේ.
එක්සත් ජාතික පක්ෂයේ මැදිහත්වීමෙන් මේ ක්‍රියා මාර්ගය ගැනෙන නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ එම පක්ෂයෙන් ඈත් වී සිටින සමාජයේ විවිධ මතධාරීන් එකට ඒකරාශී කර ගෙන ඒ අයගේ ද සහය ඇතිව, රුවන් ෆෙර්ඩිනැන්ඩස් මහතා විසින් සමන් අතාවුදහෙට්ටි සහ ක්‍රිෂාන්ත කුරේ යන මහත්වරුන් ඉටු කිරීමට අපොහොසත් වූ එම වගකීම සහ කාර්ය භාරය ඉටු කරන ආකාරය ගැන “lankanewsweek” අවධානයෙන් යුතුව සිටින අතර ඔහුට සුභ ප්‍රාර්ථනා ද කරන්නෙමු.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1