රාජ්‍ය ආයතනවලින් විදුලි බල මණ්ඩලයට කෝටි 250ක පොල්ලක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඒ ඒ රාජ්‍ය ආයතන විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 250 කට ආසන්න විදුලි ගාස්තු ගෙවීමට ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙම හිඟ මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවීමට ඇත්තේ රෝහල්,…
ඒ ඒ රාජ්‍ය ආයතන විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 250 කට ආසන්න විදුලි ගාස්තු ගෙවීමට ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙම හිඟ මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවීමට ඇත්තේ රෝහල්, අධ්‍යාපන ආයතන, යුද හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග කියා සිටියේ එම හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කරමින් සිටින බවය.
විදුලිබල මණ්ඩලය ද රාජ්‍ය ආයතනයක් වීම නිසා අදාළ රාජ්‍ය ආයතන විදුලි බිල නොගෙවා සිටිය ද විදුලි බලය විසන්ධි කිරීමේ හැකියාව ඉතාමත් අඩු බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1