අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රවී සිය මන්ත්‍රී වැටුප කැප කරයි..!

රවී සිය මන්ත්‍රී වැටුප කැප කරයි..!

මහනුවර සිද්ධියෙන් මිය ගිය අයගේ පවුල් නඟා සිටුවයි මිය ගිය සිංහල-මුස්ලිම් තරුණයින් දෙදෙනාගේ පවුල්වලට ලක්ෂය බැගින් පරිත්යගයකුත් කරලා..! (නිලන්ති මානෙල්) මහනුවර තෙල්දෙණිය දිගන ප්‍රදේශයේ දී ඇතිවූ…

මහනුවර සිද්ධියෙන් මිය ගිය අයගේ පවුල් නඟා සිටුවයි

මිය ගිය සිංහල-මුස්ලිම් තරුණයින් දෙදෙනාගේ පවුල්වලට ලක්ෂය බැගින් පරිත්යගයකුත් කරලා..!

රවී සිය මන්ත්‍රී වැටුප කැප කරයි..!  

(නිලන්ති මානෙල්)

මහනුවර තෙල්දෙණිය දිගන  ප්‍රදේශයේ දී ඇතිවූ ගැටුම්වලින් මිය ගිය සිංහල සහා මුස්ලිම් තරුණයන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින් හමුවීමට එක්සත් ජාතික පක්ෂ උපනායක සහ කොළඹ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය .

කොළඹ මහ නගර සභාව නියෝජනය කරන ,උතුරු කොළඹ ආසනයේ එක්සත් ජාතික පක්ෂ  පළාත් පාලන ආයතන නියෝජිතයන් 17 දෙනා සමඟ සිදු කළ මෙම සංචරයේදී ප්‍රදේශයේ මහා සංඝ රත්නය සහ  ඉස්ලාමීය ආගමික නියෝජිතයින් ද හමුවිය.

දැන්වීම

ඒ අනුව මන්ත්‍රීවරයා මුලින්ම මහනුවර, තෙල්දෙණිය, දිගන ගොමගොඩ ,මැදමළුව  ශ්‍රී ජිනාලංකාර විහාරස්ථානයට   ගොස් විහාරාධිපති කහගල ධම්මරතන හිම්පාණන් බැහැ දුටුවේ ය.

ආගමික සහ  ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා  මහා සංඝ රත්නය ප්‍රධාන ආගමික නායකයින් ගත් පරිශ්‍රමය පිළිබඳව අගය කළ රවී කරුණානායක මහතා අනතුරුව ගමන් ගත්තේ දිගන නගරයේ වෙළඳ සැලක් ඇතුළත සිරවී මිය ගිය අබ්දුල් බාශික් තරුණයාගේ නිවසට ය.

මිය ගිය අබ්දුල් බාශික් තරුණයාගේ පියාට රවී කරුණානායක මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේ ය. එමෙන්ම අබ්දුල් බාශීක් තරුණයාගේ පවුල සඳහා රජය මඟින් නිසි වන්දි මුදලක් ලැබෙන තුරු සහ ඔවුන්ගේ පවුලේ ආර්ථික තත්ත්වය ස්ථාවර වන තුරු සිය  පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපෙන් කොටසක් මාසිකව ලබාදීමට රවී කරුණානායක මහතා පොරොන්දු විය.

මේ අතර  මුස්ලිම් තරුණයින් සිව් දෙනෙකුගේ පහර කෑමෙන් මිය ගිය තෙල්දෙණිය,අම්බාල ප්‍රදේශයේ පදිංචිව සිටි කුමාරසිංහ මහතාගේ  නිවසට ගිය රවී කරුණානායක මහතා, ඔහුගේ පවුලේ සාමාජිකයන් හමුවී සිදුවු විපත පිළිබඳව සිය ශෝකය පළ කළේ ය.

මෙහිදී මිය ගිය කුමාරසිංහ මහතාගේ බිරිඳට ද රවී කරුණානායක මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය. එමෙන්ම රජයෙන් නිසි වන්දි මුදලක් ලැබෙන තුරු සහ  මිය ගිය කුමාරසිංහ මහතාගේ පවුලේ ආර්ථික තත්ත්වය ශක්තිමත් වන තුරු එම පවුලට ද , සිය පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපෙන් කොටසක් මාසිකව ලබාදීමට ද  රවී කරුණානායක මහතා සහතික විය.

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ   පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මෙසේ කීය.

“මම මේ ගමන ආවෙ අපේ උතුරු කොළඹ එජාප පළාත් පාලන මන්ත්‍රී වරු 17 දෙනා සමඟ. උතුරු කොළඹ කියන්නෙ මේ රටේ සහජීවන ක්‍රියාවලිය ආශ්‍රයෙන් පරමාදර්ශ කර ගත යුතු ප්‍රදේශයක්. සිංහල ,දෙමළ ,මුස්ලිම් ,බර්ගර් ,මැලේ , බෞද්ධ,හින්දු ,ඉස්ලාමීය කතෝලික, සියලු  ජාතීන් හා ආගමික කොටස් එකට ජීවත් වන ප්‍රදේශයක් . මම ආවෙ තෙල්දෙණිය හෝ දිගන ප්‍රදේශයේන් ඡන්දය ඉල්ලන්න නොවේ. මම රටට ඔප්පු කරල පෙන්නල තියෙනවා ,ජනතාවට වැඩ කරන්න බලය අත්‍යාවශ්‍ය කාරණයක් නොව වග.

උනන්දුව හා කැපවීම තිබුණොත් එය ප්‍රමාණවත් කියල. කුමාරසිංහ මහතාට සිදූවු අසාධාරණය මට වැටහෙනවා. පොලීසිය නිසි වේලාවට ,නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීමෙ ප්‍රතිඵලයක් ලෙස මෙම අර්බුදය ව්‍යප්ත වුණා. කොහොම වුණත් අපේ මහා සංඝ රත්නය ප්‍රධාන සෙසු ආගමික නායකයින්ගේ මැදිහත්  වීම  මත තත්ත්වය  සමතයකට පත් කරන්න හැකි වුණා.වසර ගණනාවක් මේ ප්‍රදේශවල සිංහල,මුස්ලිම් ජනතාව ඉතා සුහද ශීලිව කටයුතු කළ බව සියලු දෙනාගේ මතය වී තිබෙනවා.එසේනම් මෙවැනි අර්බුදයක් නිර්මාණය කළ මූල බීජය සොයා ගැනීම අතිශයින් වැදගත් වනවා. එමෙන්ම මෙවැනි අහිතකර තත්ත්වයන් අපගේ සහජීවනයට බාධාවක්”

රවී සිය මන්ත්‍රී වැටුප කැප කරයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රවී සිය මන්ත්‍රී වැටුප කැප කරයි..! | Lanka Newsweek