අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රවී වඳුරා ගැන අහනකොට නලින්දට කේන්ති ගිහින්..?

රවී වඳුරා ගැන අහනකොට නලින්දට කේන්ති ගිහින්..?

"නිතර නිතර වඳුරාගේ සිද්ධිය මතක් කරන්නෙපා" එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් හිටපු බලශක්ති අමාත්‍ය වරයෙකු ලෙස පසුගිය දා දිවයිනේම විදුලිය විසන්ධිවීම සහ මේ වනවිට…

"නිතර නිතර වඳුරාගේ සිද්ධිය මතක් කරන්නෙපා"

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් හිටපු බලශක්ති අමාත්‍ය වරයෙකු ලෙස පසුගිය දා දිවයිනේම විදුලිය විසන්ධිවීම සහ මේ වනවිට විදුලිබල ක්ෂේත්‍රයේ උද්ගත වී ඇති ගැටලු සම්බන්ධයෙන් අඟහරුවාදා (18) පාර්ලිමේන්තුවේදී  ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කර සිටියේය.

ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීම සඳහා විෂයභාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ නොසිටි බැවින් ඒ වෙනුවට නැගී සිටි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පිළිතුරු දෙමින් කියාසිටියේ මේ සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයා මෙම සතිය ඇතුලතදී පිළිතුරු ලබාදෙනු ඇති බවයි.

එහිදී පාර්ලිමෙන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේ එය ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක් බවත්, වඳුරෙක් නිසා ශ්‍රී ලංකාව ලෝකයේම අවධානයට යොමු වු බවයි.

දැන්වීම

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙලෙස පැවසීය.

"විදුලි පද්ධතියේ ඇති අස්ථාවරභාවය ගැන පිළිතුරක් සොයන්න මණ්ඩලයේ නිලධාරීන් කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා මේ වඳුරා ගේ සිද්ධිය ඉවරයිනේ. ඒ නිසා නිතර නිතර වඳුරාගේ සිද්ධිය මතක් කරන්නෙපා මෙතන. දැන් අපි මේ ඒ පද්ධතියේ අස්ථාවරත්වයට උත්තරයක් හොයමින් ඉන්නේ.”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රවී වඳුරා ගැන අහනකොට නලින්දට කේන්ති ගිහින්..? | Lanka Newsweek