අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රවී-නවීන්-අර්ජුන යනු එජාපයේ අනාගතයයි

රවී-නවීන්-අර්ජුන යනු එජාපයේ අනාගතයයි

සරසවි සිසූහු අවධාරණය කරති රනිල් ඒ ගැන තේරුම් නොගැනීම කණගාටුදායකයි රවී-නවීන්-අර්ජුන එජාපයේ ඉදිරියට ගත යුතුයි තරුණ තරුණියන් ආකර්ෂණය කර ගත හැක්කේ ඔවුන්ට පමණයි (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ…

සරසවි සිසූහු අවධාරණය කරති

රනිල් ඒ ගැන තේරුම් නොගැනීම කණගාටුදායකයි 

රවී-නවීන්-අර්ජුන එජාපයේ ඉදිරියට ගත යුතුයි 

තරුණ තරුණියන් ආකර්ෂණය කර ගත හැක්කේ ඔවුන්ට පමණයි 

රවී-නවීන්-අර්ජුන යනු එජාපයේ අනාගතයයි

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අනාගතය, සංවිධාන ශක්තිය, ජයග්‍රහණය සහ ස්ථාවර භාවය රඳා පවතින්නේ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් වන රවී කරුණානායක, නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් මත යැයි ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ප්‍රමෝද්‍යා ලියනගේ, හේමන්ත තුසිත කුමාර සහ නිලන්ති මානෙල් චන්ද්‍රසේන යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අවධාරණය කර සිටිති.

එම නිසා රවී කරුණානායක, නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් වෙත එක්සත් ජාතික පක්ෂයේ වගකීම්, කාර්ය භාරයන් සහ තනතුරු පිරිනමා ඔවුන් පක්ෂයේ ඉදිරියට ගැනීමට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත යුතුව ඇතැයි ද එම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පෙන්වා දෙති.

ජාතික සහ ජාත්‍යන්තර භූ දේශපාලන, සමාජ, ආර්ථික සහ සංස්කෘතික තලයන් අතික්‍රමණය කළ සෑම විෂයක් පිළිබඳවම පුළුල් අවබෝධයක් ඇති දැනුම, අත්දැකීම් සේම මනා පළපුරුද්දක් ඇති ලොව පිළි ගත් ගෝලීය නායකයෙකු වන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මේ යථාර්ථය අවබෝධ නොවීම අතිශය කණගාටුවට කරුණක් වන අතර එම තත්ත්වය ඔහුගේත් එම පක්ෂයේත් අවාසනාවක් බව ද ඔවුහූ කියා සිටිති.

දැන්වීම

තරුණ තරුණියන්, උගතුන්, බුද්ධිමතුන්, සර්වාගමික නායකයින් සහ පා වෙන ඡන්ද දායකයින් ආකර්ෂණය කර ගත හැක්කේ රවී කරුණානායක, නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග වැනි අත්දැකීම්, හැකියාවන් සහ පළපුරුද්ද ඇති වෘත්තීය දේශපාලකයින්ට පමණක් බව ද අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ප්‍රමෝද්‍යා ලියනගේ, හේමන්ත තුසිත කුමාර සහ නිලන්ති මානෙල් චන්ද්‍රසේන යන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පවසති.

ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දෙමින් රට ලෝකයට ගෙන ගිය අර්ජුන රණතුංග මහතා දුෂණ, වංචා සහ අක්‍රමිකතාවලින් තොර ලෝක පූජිතයෙකු වන අතර රවී කරුණානායක සහ නවීන් දිසානායක යන මහත්වරුන් ජාතික සේම ජාත්‍යන්තර වශයෙන් පිළි ගැනීමට ලක්ව සිටින ආර්ථික, මුල්‍ය, සමාජ සහ දේශපලනකි ඇතුළු ඒ ඒ විෂයන් සම්බන්ධ ප්‍රාමාණික උගතුන් වන බව ද ඔවුහූ වැඩි දුරටත් අවධාරණය කර සිටිති. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රවී-නවීන්-අර්ජුන යනු එජාපයේ අනාගතයයි | Lanka Newsweek