අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රවී ඇතුළු 12ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපති නියෝග කරයි

රවී ඇතුළු 12ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපති නියෝග කරයි

හිටපු මුදල් ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළුව දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති…

හිටපු මුදල් ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළුව දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට නියෝග කර ඇත.

2016.03.29 වැනිදා සහ 2016.03.31 වැනිදා සිදු කෙරුණු මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවල දී සිදු කරන ලදැයි කියන අපරාධමය වැරදිවලට අදාළව චෝදනා සම්බන්ධයෙන් මෙසේ නම් කර ඇති සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු (සාධාරණ සැකයක්) ඉදිරිපත් වී ඇති බවට නීතිපතිවරයා යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

ඉහත සැකකරුවන් දොළොස් දෙනා නම් කර ඇත්තේ 2016.03.29 වැනිදා සිදු කෙරුණු බැඳුම්කර ගනුදෙනුවට අදාළව වන අතර 2016.03.31 වැනිදා සිදු කෙරුණු ගනුදෙනුවට අදාළ සැකකරුවන් ගණන 11කි.

දැන්වීම

1 .පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්

2 . සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක

3 .ලක්ෂ්මන් අර්ජුන මහේන්දුන්

4 .අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්

5 .පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි

6 .ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්

7 .චිත්ත රංජන් හුළුගල්ල

8 .මුත්තුරාජා සුරේන්ද්‍රන්

9 .අජාන් ගාර්දියෙ පුංචිහේවා

10.තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර

11.සංගරපිල්ලේ පදුමනාපන්

12.පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රවී ඇතුළු 12ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපති නියෝග කරයි | Lanka Newsweek