අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රවී ඇතුළු දස දෙනෙකුට වරෙන්තු

රවී ඇතුළු දස දෙනෙකුට වරෙන්තු

ප්‍රශ්න ගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ,කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සිකුරාදා (06) වරෙන්තු නිකුත් කළේ ය.…

ප්‍රශ්න ගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ,කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සිකුරාදා (06) වරෙන්තු නිකුත් කළේ ය.

පළමු සැකකරු ලෙස නම් කර සිටී  පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට සිතාසි නිකුත් කෙරුණු අතර නඩුවේ දස වන සැකකරු වන බුද්ධික සරත්චන්ද්‍ර නමැත්තාට එරෙහිව නඩුව පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අධිකරණයේදී අනාවරණය විය.

නඩුවේ සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, රංජන් හුලුගල්ලේ, මුත්තුරාජා සුරේන්ද්‍රන්, ආජාන් පුංචිහේවා, බුද්ධික සරත්චන්ද්‍ර, සංගරපිලේලෛයි පදුමනාපන් සහ ඉන්දික සමන්කුමාර යන අයයි.

රවී ඇතුළු දස දෙනෙකුට වරෙන්තු

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රවී ඇතුළු දස දෙනෙකුට වරෙන්තු | Lanka Newsweek