රවී අනුරට අත වනයි - අනුර බෑ කියයි

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ආණ්ඩුව අවස්ථා දෙකකදී පරිපූරක ඇස්තමේන්තු මගින් මුදල් වෙන් කරගත්තා.අයවැය සම්මත උන දෙසැම්බර් 05 වෙනිදා රුපියල් බිලියන 50කුත්,දෙසැම්බර් 19…
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ආණ්ඩුව අවස්ථා දෙකකදී පරිපූරක ඇස්තමේන්තු මගින් මුදල් වෙන් කරගත්තා.අයවැය සම්මත උන දෙසැම්බර් 05 වෙනිදා රුපියල් බිලියන 50කුත්,දෙසැම්බර් 19 වෙනිදා තවත් රුපියල් බිලියන 500කුත් වෙන් කරගත්තා.රටේ නිර්මාණය වෙලා තියන ආපදා තත්වය හමුවේ අයවැයට සහ ඒ පරිපූරක ඇස්තමේන්තුවලට විපක්ෂය විරුද්ධවුනේ නෑ.
දෙසැම්බර් 05වෙනිදා සහ දෙසැම්බර් 19 වෙනිදා ජනාධිපති අනුර පාර්ලිමේන්තු ඇවිත් සහන මළු දෙකක් දිගෑරියා.පලවෙනි සහන මල්ලේ තිබුණ දේවල් දැකලා ජනතාවගේ ඇස් නිලංකාරවෙලා ගියා." ටකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා " කියලා අනුර කිව්වා. මේ වගේ අවස්ථාවකදී ප්‍රයෝජන ගන්න තමයි අපි භාණ්ඩාගාරය පුරවලා තියාගත්තේ කියලත් අනුර කිව්වා.ඒ කතා අහපු ජනතාව අනුර තමයි ගැලවුම්කාරයා කියලා ආයෙත් හිතුවා.හැබැයි අනුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම් කැඳගෙන එනකොට සහන පැකේජය පුංචිවෙලා.ලක්ෂ දහයේ ටකරම අතුරුදහන්වෙලා.
ගෙවල් සුද්ධ කරගන්න දෙනවා කියපු 25000ක දීමනාව ගැනත් බරපතල ප්‍රශ්න මතුවෙලා.සමහර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වට කරලා ජනතාව ප්‍රදේශීය ලේකම්ලා,දිස්ත්‍රික් ලේකම්ලා නිවස අඩස්සියේ පවා තියාගෙන හිටියා.ඒකට හේතුව උනේ 25000 දෙන එක සම්පුර්ණයෙන්ම මාලිමාකරණය වී තිබීමයි.යාපනය දිස්ත්‍රික් මාලිමා මන්ත්‍රී ග්‍රාම නිළධාරියෙකුට පහරදිලා තිබුණා.මාලිමාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා දිගටම ග්‍රාම නිළධාරීන් බලපෑම් කරලා 25000 දෙන එක එයාලා අතට ගන්න හැදුවා.
දැන්වීම
ග්‍රාම නිළධාරීන්ගේ දැඩි විරොධය ඊට එල්ලවෙනවා රටම දැක්කා. මේ වගේ හේතු නිසා අනුර දෙසැම්බර් 19 වෙනිදා පාර්ලිමේන්තුවේදී දිගෑරපු දෙවෙනි සහන මල්ල ගැන ලොකු අවධානයක් හැදුනේ නෑ.ඒකට උත්තරය විදිහට අනුර කළේ තවත් දේශපාලන කාරණා ගණනාවක් සහන මල්ල වටේට එල්ලපු එකයි.ඒකත් හරියට වෙළඳ දැන්වීමක් වගේ.අහවල් බඩුව ගන්න අයට අහවල් එක නොමිලේ දෙනවා කියනවා වගේ වැඩක්.හැබැයි අනුර අර ටකරං කතාව වගේ කතා නොකියා ඉන්න මේ පාර වඟ බලාගත්තා.
මියගිය දෙමුහුම් ගවයෙක් වෙනුවෙන් ලක්ෂ දෙකක මුදලක් ගෙවනවා කිව්වා.හැබැයි ටකරම් වගේ හැම ගවයෙකුටම නෙවෙයි.ලොකු දෙමුහුන් හරක් පට්ටියක උනත් හරක් 10කට ලක්ෂ දෙක ගානේ දෙන්නේ මිලියන දෙකයි.ඒ කියන්නේ රට හරක් 159 ක් හිටියත් හම්බවෙන්නේ මිලියන දෙකයි.මී හරක්ට,එල හරක්ට,බටු හරක්ට ඊට වැඩිය අඩුයි.දැන් පරිපූරක ඇස්තමේන්තු දෙකම සම්මත වෙලා.ආණ්ඩුව අතේ සල්ලි තියනවා.ඒ වගේම තව විශාල මුදලක් හොයා ගන්න ඕනි.
මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ ඇතිවුන විවාදයේදී ජනාධිපති ඉදිරියේ විපක්ෂයේ කීපදෙනෙකුට අදහස් දැක්වන්න අවස්ථාව ලැබුණා.එතනදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වැදගත් අදහස් ගණනාවක් ඉදිරිපත් කළා.සාමාන්‍යයෙන් රවී කියන්නේ නිශ්චිත ආර්ථික උපායමාර්ගයක් මත පදනම්ව මත ප්‍රකාශ කරන කෙනෙක්.ඒ වගේම රටේ ආර්ථිකයේ ප්‍රශ්නකාරී තැන් තදින් ප්‍රශ්න කරන කෙනෙක් සහ කුහක නොවී ඒවාට උත්තර සපයන කෙනෙක්.
විශේෂයෙන්ම මේ නව තත්වය යටතේ අයිඑම්එෆ් එකත් එක්ක ගනුදෙනු කරන විදිහ,මහ බැංකුව ස්වාධීන කිරීමේ අවධානම් පැත්ත සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් රවී හැමදාම පෙනී හිටියා.අපේ රටේ ආර්ථිකය සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රශ්න අහලා තියෙන්නෙත් රවී.ඇත්තටම පාර්ලිමේන්තුවේ ආර්ථකය සම්බන්ධ කාරණාවලදී රනිල් නැති අඩුව පුරවන්නේ රවී.ඒ වගේම දේශපාලන පැත්තෙදී දයාසිරි, චාමර,දිලිත්,නාමල්,කබීර්,ඩීවී,අජිත් පී,රෝහිණී,ප්‍රසාද්,කාවින්ද, අර්චුනා වගේ අයගේ මැදිහත්වීම ගැන අගැයීමක් රටේ රාළ තියනවා.
පාර්ලිමේන්තුවෙන් එලියේ ඉන්න චම්පික,විමල්,ගම්මන්පිල, නවීන්,රාජිත,මිලින්ද මොරගොඩ වගේ අය ගැනත් අගැයිමක් තියනවා.ඒකට එයාලා දරන දේශපාලන මතය රටේ රාළට අදාලා නෑ.ඔය කියපු ඔක්කොම ඔයාලා කොහොම තියාගෙන පට්ට ගැහුවත් ඒකත් රටේ රාළට අදාල නෑ.අපි ආයෙත් රවී කරපු කතාවට ගියොත්.රවී හිටපු මුදල් ඇමතිවරයෙක් විදිහට සහ මේ වගේ disasters කීපයක් කළමණාකරණය කරපු කෙනෙක් විදිහට ඇත්තටම අනුරට ලොකු මඟ පෙන්වීමක් කළා.
එතනදී රවී කිව්ව වැදගත්ම කාරණය තමයි මේ ප්‍රශ්නයට රටක් විදිහට එකට මුහුණ දෙමු කියලා.ඇත්තටම අනුරලට,ටිල්වින්ලට වගේ පටු මනසක් මේ ප්‍රශ්නයේදී විපක්ෂයේ කාටවත්ම නෑ.ජවිපෙ සහ මාලිමාවේ දේශපාලන බහිරවයන්ට දැන් මේ ව්‍යසනය නිධානයක් වෙලා.එයාලා හැර මේ රටේ හැම පුරවැසියෙක්ම හිතන්නේ මේ විනාශයෙන් ගොඩගන්න කවුරුත් එකතු වෙන්න ඕනි කියලයි.අනුරට එහෙම මනසක් නෑ.රටක් නැවත ගොඩනගන්න තියෙද්දී අනුර මේ වැඩ කරන විදිහ දැක්කම අනුරට ඇත්තටම physics degreeයක් තියනවද කියලත් හිතෙනවා.එක වෙලාවකට අනුරත් රංවල ටයිප්ද කියලත් හිතෙනවා.ඒක නිසා අනුර ඉස්සෙල්ලාම එයාගේ physics degreeය පෙන්නලා හිටියොත් හොඳයි කියලා රටේ රාළ යෝජනා කරනවා.
ජවිපෙ රතු තරුව ගහගෙන අනුරලා මේ රට ගල් යුගයට ගෙනියමින් තියනවා.වැලි කොට්ට ගහලා සෙල්ලම් පාලම් හදන, පස් දාලා පොලොවේ පැලුම් වහන මෙයාලට දේශගුණික විපර්යාසවල බරපතලකම ගැන අවබෝධයක් නෑ.මෙයාලා ඉන්නේ තවමත් ප්‍රාථමික සාමුහික සමාජයේ,ලගදීම ගල් දෙකක් අතුල්ලලා ගින්දර හදාගනිල්ලා කියලත් කියන්න බැරි නෑ.ඊළඟට රවී කිව්වේ මේ රට ගොඩනැගීම වෙනුවෙන් මුදල් හොයාගන්න මේ මොහොතේ ඉඳන් පටන් ගන්න ඕනි කියලයි.මේ වෙලාවේ රුපියල ස්ථාවර තියාගැනීමේ වගකීම මහ බැංකුව පැත්තෙන් ඉෂ්ඨ නොවෙන බවත් රවී පෙන්වලා දුන්නා,
රුපියල බාල්දු වෙන්න වෙන්න අපේ ණය බර වැඩි වෙනවා වගේම අපට ලැබෙන ආධාර ටිකෙන් උනත් හරියම ප්‍රයෝජනය ගන්න බෑ. රටේ මතුවෙලා තියන ආර්ථික හානිය ගැන රවීලගේ තක්සේරුව ඩොලර් බිලියන 12 - 15 අතර වෙයි කියලයි.ඒ කියන්නේ මේ දාලා තියෙන්නෙත් තාවකාලික පරිපූරක ඇස්තමේන්තුවක්.අනුරලාගේ තියන දුප්පත් මානසිකත්වයට මේසා විශාල මුදලක් හොයන්න පුළුවන්ද?ඊළඟට එන ප්‍රශ්නය ඒක.2016 යහපාලන ආණ්ඩුවෙන් අපේ රටට ආපදා රක්ෂණයක් කරලා ඒකෙන් රක්ෂණ වන්දි විශාල වශයෙන් අරගෙන හානිපූර්ණ කරගෙන තියනවා.
රවී ඒවා පාර්ලිමේන්තුවේ සභාගත කරලා දැන් ගොඩක් කල්. හැබැයි අනුර කියන්නේ ඒ ගැන හොයන්න කමිටුවක් පත් කළා කියලයි.ඇත්තටම එහෙම කරපූ ආදර්ශයක් තියෙද්දී,එක කරපු මිනිහා ඉන්දැද්දී අනුරලා කමිටු දාන්නේ දේශපාලන කුහකකමට. ඒ වාසිය යහපලාන අණ්ඩුවට යයි කියලා අනුර බයයි.මේ රක්ෂණ ක්‍රමය දැන් පටන් ගත්තොත් මේ වෙලාවේ ඒකේ ප්‍රිමියම් එක පිටරටවල්වලින් දරයි කියලත් රවී කියනවා.රටේ රාළ වගකීමෙන් කියනවා අනුරලා ඉක්මනින් ඕක කරන්නේ නෑ.
මොකද අනුරලා අනාගතය දිහා නෙවෙයි බලන්නේ.අනුර බලන්නේ ඒ සල්ලි ටිකත් අනුරගේ යාලුවෝ සෙට් එකට බාරදිලා තියන Rebuilding Sri Lanka අරමුදලට දාගන්න පුළුවන්ද කියලයි. රවී කියන්නේ grant විදිහට හරි ආධාර විදිහට හරි සල්ලි ඉල්ලන්න ලෝකෙට යන්න ඉස්සෙල්ලා අපේ කැපවීම පෙන්නන්න ඕනි කියලයි.ඒකට එයා යෝජනා කරන්නේ මන්ත්‍රී රක්ෂණ මුදල්, වාහන 1775 ගෙන්නන මුදල්.රැකියා 75000 වෙනුවෙන් වැය කරන මුදල් Rebuildingවලට දාමු කියලයි.හැබැයි ඒවට අනුර මීක් සද්ධයක් නෑ.ජනතාවට නැති කිසි දෙයක් අපට එපා කියපු මල් පැල 159 ත් මීක් නෑ.
ඇත්තටම ලැජ්ජයි.මේක මාර නිර්ධන පන්තියේ ආණ්ඩුවක්.
ඊළඟට ඉදිකිරීම් කර්මාන්තයයට අවශ්‍ය බදු සහන දීලා ඉදිකිරීම් ක්ෂේත්‍ර වේගවත් කරන්න කියලා රවී යෝජනා කළා.අපේ ප්‍රාථමික ගිණුමේ ශේෂයට බල නොපාන විදිහට සහ අයිඑම්එෆ් එකඟතාවලට අවුල් නොවී ඒක කරන විදිහත් රවී පෙන්වා දුන්නා. ක්‍රිකට් වගේ ක්‍රීඩාවක් හරහා ජාත්‍යන්තර අවධානය දිනාගන්න සැලැස්මක් හදන්න හැටිත් කිව්වා.ඇත්තටම ඒක හොඳ මඟ පෙන්වීමක්.ඒවා එහෙම තියෙද්දී අනුරට ඕනි නං පුළුවන් සමන්ත විද්‍යාරත්න කියන විදිහට අර පොලොවේ තියන පැලුම්වලට පස් දදා කොට කොටා ඉන්න.වසන්ත සමරසිංහ කියන විදිහට වැලි කොට්ට පාලමි හද හදා ඉන්න.
නැත්තං ගල් දෙකක් අතුල්ලලා ගින්දර අරගෙන ගිනි මෙල ගහලා කදවුරුවල ඉන්න අයට රෑට එලිය දෙන්න.ආය ලයිට් දෙන්න මහන්සි වෙන්නත් ඕනි නෑ.ඔක්කොටෝම ඉස්සෙලා අනුරලා කොළ අතු ඇඳගෙන කරන දේශපාලනය නතර කරලා ලෝකය දිහා බලන්න ඕනි.අනුර දැන් අපි තාක්ෂණික ධනවාදයට යමින් ඉන්නේ.ඔයාලා තවම ගල් යුගයේ.