අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් හැර විකල්පයක් නොමැත

රනිල් හැර විකල්පයක් නොමැත

රට ගොඩගන්න රැඩිකල් විප්ලවයක් අවශ්‍යයි ඒ විප්ලවය ජාතික සේම ඓතිහාසික අවශ්‍යතාවයක් එවැනි රැඩිකල් විප්ලවයක් කළ හැක්කේ රනිල්ට විතරයි (දේශප්‍රිය නානායක්කාර) නුහුරු නුපුරුදු දෑත්වලින් කපා ඔප දැමීමට යාමෙන්…

රට ගොඩගන්න රැඩිකල් විප්ලවයක් අවශ්‍යයි 

ඒ විප්ලවය ජාතික සේම ඓතිහාසික අවශ්‍යතාවයක් 

එවැනි රැඩිකල් විප්ලවයක් කළ හැක්කේ රනිල්ට විතරයි 

රනිල් හැර විකල්පයක් නොමැත

(දේශප්‍රිය නානායක්කාර)

නුහුරු නුපුරුදු දෑත්වලින් කපා ඔප දැමීමට යාමෙන් අතිශය වටිනා සහ මිල කළ නොහැකි මැණික් පවා විනාශ වී අපතේ යා හැකි අතර දේශපාලන ක්ෂේත්‍රයට සහ එම සංස්කෘතියට අදාළව රටක් ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසයේ සිට වර්තමානය දක්වාම එවැනි අත්දැකීම්වලට ඕනෑවටත් වඩා මුහුණ දෙමින් සිටියි.   

ලෝකයේ ඕනෑම රටක් පාලනය කිරීමේදී අධ්‍යාපන සංවර්ධනය,ආර්ථික වර්ධනය,අපනයන වර්ධනය,නෛතික ප්‍රතිසංස්කරණ,රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති,රාජ්‍ය මුල්‍ය කටයුතු,‍රාජ්‍ය මුල්‍ය ඒකාග්‍රතාව සහ ප්‍රාග්ධන ගිණුමේ විවෘත්ත භාවය යනු ඉතා තීරණාත්මක කරුණුය.

දැන්වීම

රටක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලන, නෛතික, සමාජ, සංස්කෘතික සහ ආගමික ඇතුළු සෑම සියලු ක්ෂේත්‍රයක්ම කුණු වී ඕජස් ගලමින් අතිශය ඛේදජනක වගේම බියකරු තත්ත්වයකට මුහුණ පා සිටින අතර මෙම තත්ත්වයෙන් රටත් ජනතාවත් ගොඩ ගැනීම සඳහා සමස්ථ ක්ෂේත්‍රයන් හී රැඩිකල් විප්ලවයක් සිදු කිරීම ජාතික සේම ඓතිහාසික අවශ්‍යතාවයකි.

මේ තීරණාත්මක ජාතික අවශ්‍යතාවයන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට හැකි පූර්ණ කාලීන වෘත්තීය දේශපාලනඥයෙකු යනු රට, ජනතාව සහ ලෝකය මුහුණ දී සිටින දැවෙන, තැවෙන සහ ව්‍යාකුල වූ සර්වප්‍රකාර ප්‍රශ්නවලට සර්වකාලීන විසඳුමකි.

මේ සියලු අභියෝග ජය ගත හැකි පූර්ණ කාලීනව, වෘත්තීය දේශපාලනයේ යෙදෙන ශ්‍රී ලංකාව සතු එකම සර්ව කාලීන විසඳුම රනිල් වික්‍රමසිංහ පමණක් බව ඔහු ජනපති වීමට පෙර රටේ උද්ගත වී තිබූ තත්ත්වයෙන් සහ හිටපු පාලකයින් එම අභියෝග හමුවේ අන්ත අසරණ වූ ආකාරයෙන් මනාව පැහැදිළි වෙයි.

රනිල් හැර විකල්පයක් නොමැත

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල් හැර විකල්පයක් නොමැත | Lanka Newsweek