රනිල් වෙනුවෙන් සජිත් පෙරට එයි..!

(උපුල් බණ්ඩාර) යහ පාලන ජාතික ආණ්ඩුවෙත්,එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ සහ අග්‍රාමාත්‍ය ධුරය සම්බධයෙනුත් උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රීවරුන් ඔහු සමග…
(උපුල් බණ්ඩාර)
යහ පාලන ජාතික ආණ්ඩුවෙත්,එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ සහ අග්‍රාමාත්‍ය ධුරය සම්බධයෙනුත් උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රීවරුන් ඔහු සමග දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.
මේ අවස්ථාවේදී ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව එම මන්ත්‍රීවරුන් එහිදී සජිත් ප්‍රේමදාස මහතාගෙන් කරුණු විමසා ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා කියා තිබෙන්නේ මේ මොහොතේ කළ යුත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් කර එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරමින් යහ පාලන ආණ්ඩුව පෙරටත් වඩා ශක්තිමත් ලෙස ඉදිරියට රැගෙන යා යුතු බවය.
මේ අනුව සජිත් ප්‍රේමදාස මහතාට සමීප එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂය වෙනුවෙන් ඇප කැප වන බවට සහතික වී තිබේ.