රනිල් විරෝධී ඡන්ද ලක්ෂ 5ක් කඩන සැලසුමක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

රනිල්ට එරෙහිව එක්සත් ජාතික බලවේගය පෙරට..! ජනාධිපතිවරණයට අපේක්ෂකයින් පස් දෙනෙකු ඉදිරිපති කෙරේ..! (සුමුදු පෙරේරා) ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා නියත ලෙස පරාජයට පත් කර යහ…
රනිල්ට එරෙහිව එක්සත් ජාතික බලවේගය පෙරට..!
ජනාධිපතිවරණයට අපේක්ෂකයින් පස් දෙනෙකු ඉදිරිපති කෙරේ..!
(සුමුදු පෙරේරා)
ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා නියත ලෙස පරාජයට පත් කර යහ පාලන පෙරමුණෙන් ඉදිරිපත් කෙරෙන රටට ජනතාවට පිළි ගත හැකි සහ ජය ගත හැකි අපේක්ෂකයා ජයග්‍රහණය කරවමින් 2015 ජනවාරි 8 විප්ලවය යළි තහවුරු කිරීම සඳහා පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු ආරම්භ වී තිබේ.
මේ නව දේශපාලන ව්‍යාපාරය සමග මේ වන විට දේශපාලන පක්ෂ 8ක් සන්ධාන ගත වී සිටින අතර තවත් දේශපාලන පක්ෂ හතරක් එක්ක සාකච්ඡා ආරම්භ කර තිබෙන බව “lankanewsweek” සමග පැවසූ නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුණොත් ඔහුට එරෙහිව ක්‍රියා කිරීමට මේ නව සන්ධානය තීරණය කර තිබෙන බව ද සඳහන් කළේය.
එසේ වුණොත් යහ පාලන පෙරමුණෙන් ඉදිරිපත් කෙරෙන දිනන අපේක්ෂකයාට සහය පළ කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි රට පුරා ඡන්ද දායකයින් ලක්ෂ 5ක් එකට ඒකරාශී කිරීම සඳහා නව දේශපාලන සන්ධානය මගින් 2020 ජනාධිපතිවරණයට මුළු රටම ආවරණය වන පරිදි අපේක්ෂකයින් පස් දෙනකු ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර තිබෙන බව ඔහු ද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් දහස් දැක්වූ නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා මෙසේ ද කීය.
“අපේ මේ සන්ධානය සමග මේ වන විට බහු ජන සංවිධාන 12ක් සහ රාජ්‍ය නොවන සංවිධාන හතරක් ද එකතු වී සිටිනවා.ඒ බහු ජන සංවිධාන අතර බස්නාහිර පළාත් අබාධිත සංගමය,ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමය සහ සේවා මුක්ත රණ විරු සංගමය ද සිටිනවා.
එක්සත් ජාතික බලවේගය ලෙස නව දේශපාලන සන්ධානය නම් කිරීමට දැනට තීරණය කර තිබෙන අතර මේ ව්‍යාපාරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අලුතින් පිහිටුවීමට යන දේශපාලන පක්ෂයේ සහ මෛත්‍රී ගුණරත්න මහතාගේ නායකත්වයෙන් යුතු දේශපාලන පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක සහය ලබා ගැනීමට ද අපේක්ෂා කරනවා.
සමස්ථ දකුණ ආවරණය වන පරිදි බොහොම බලසම්පන්න සහ සුප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක් ද නැගෙනහිර පළාතට මුස්ලිම් මවුලවීවරයෙකු ද උතුරු පළාතට අවතැන් වූ පවුලක් නියෝජනය කරන දෙමළ නායකයෙකු ද වතුකරයට වතු දෙමළ නායකයෙකු ද සමස්ථ කාන්තාවන් වෙනුවෙන් කාන්තා නායිකාවක් ද ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
යහ පාලන පෙරමුණේ දිනන අපේක්ෂකයාගේ ජය තහවුරු කිරීම සඳහා මේ අපේක්ෂකයින් හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරිද්ධ ඡනදයක්යින් ලක්ෂ 5ක් එකට ඒකරාශී කිරීම අපේ අරමුණයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2