අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් වික්‍රමසිංහ දැඩිසත්කාර ඒකකයට

රනිල් වික්‍රමසිංහ දැඩිසත්කාර ඒකකයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද නිර්දේශ අනුව ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් අනතුරුව මේ වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද නිර්දේශ අනුව ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් අනතුරුව මේ වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා මාරු කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ සිට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු මේ බව තහවුරු කළා. ඔහුට ඇති වී තිබෙන "විජලනය තත්ත්වයක් හේතුවෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි" ඔහු මෙලෙස දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබෙනවා.

"නිරීක්ෂණයක් සඳහා ඇතුළත් කළා. රස්නයත් එක්ක පැය ගණනක් උසාවියේ හිටියා ම විජලයන වෙනවනේ. වතුර බොන්නෙත් නැතුව, කන්නෙත් නැතුව," වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩිදුරටත් පැවසුවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න