රනිල් වික්‍රමසිංහ ජනපති ධූරයේ දිවුරුම් දෙයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(ගීත් තරුක) ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන විධායක ජනපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දිවුරුම් දුන්නේය අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා…
(ගීත් තරුක)
ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන විධායක ජනපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දිවුරුම් දුන්නේය
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු විය
1977 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් බියගම ආසනයට තරග කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය. නියෝජ්‍ය විදේශ ඇමැති ධුරයට ද පත් විය.
1978 දී පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කැබිනට් මණ්ඩලයේ ළාබාලම කැබිනට් ඇමැතිවරයා ලෙස තරුණ කටයුතු සහ රැකියා ඇමැති ධුරය ලැබීය.
1980 දී අධ්‍යාපන ඇමැතිවරයා විය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1